ලොව පුරා කොරෝනා ආසාදිතයන් මිලියනය ඉක්මවයි - මරණ සංඛ්‍යාව 53,000 දක්වා ඉහළට

Friday, 03 April 2020 - 7:07

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+53%2C000+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට මිලියනය ඉක්මවා තිබෙනවා.

එමෙන්ම ලොව පුරා වාර්තා වන කොවිඩි නයින්ටීන් මරණ සංඛ්‍යාව 53,000කට අධිකයි.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් එනම් දෙලක්ෂ 44,433ක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර ඊයේ දිනයේදී පමණක් නව ආසාදිතයන් 29,430ක් ඊට එක්වීම විශේෂත්වයක්.

එමෙන්ම, ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා මරණ සංඛ්‍යාව ද ඊයේ දිනයේදී 968කින් ඉහළ ගොස් තිබෙනවා.

වැඩිම කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාවක් එනම් 13,915ක් ඉතාලියෙන් වාර්තා වන අතර, ඊයේ දිනයේදී ඊට එක්වී ඇති සංඛ්‍යාව 760ක්.

ස්පාඤ්ඤයේ කොරෝනා මරණ සංඛ්‍යාව දස දහස ඉක්මවා ඇත්තේ ඊයේ දිනයේදී ඊට තවත් 961ක් එක්වීමත් සමඟයි.

කොරෝනා වෛරසය පිළිබද දත්ත ඉදිරිපත් කරන ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ විශේෂඥයන් පවසන පරිදි ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව නිළ වශයෙන් දසලක්ෂ 15,000ක් ලෙස සටහන් වුවත් එය ඊට වඩා බෙහෙවින් වැඩි විය හැකියි.

මීට තුන් මසකට පෙර ආරම්භ වූ කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගයක් බවට පත්වූ අතර, ගත වූ සතිය තුළ ඉන් සිදුවූ මරණ සංඛ්‍යාව දෙගුණයක් වීම විශේෂත්වයක්.

මේ අතර, සංවර්ධනය වෙමින් පවත්නා රටවලට කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතයට ප්‍රතිචාර දැක්වීම සඳහා ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක හදිසි අරමුදල් වෙන් කර තිබෙනවා.

ඉන් අඩක් පමණ හිමි වනු ඇත්තේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය අවම කිරීමට දැඩි පරිශ්‍රමයක නිරත වන මිලියන 1.3ක ජනගහනයක් සහිත ඉන්දියාවටයි.  

ඉන්දියාවේ මේ වන විට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 2500 ඉක්මවා ඇති අතර එරටින් මරණ 72ක් ද වාර්තා වුණා.



කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ට නවාතැන් දෙන්න එරට වැඩබලන තානාපතිට උපදෙස් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:15

විදේශ ශ්‍රමිකයන් පිරිසක් රැගෙන කටාර්හි සිට අද මෙරටට පැමිණීමට... Read More

සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් - සිල්ලර ව්‍යාපාරික සංගමයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:49

මෙරට සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් බවත්... Read More

මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලනඥයින්ගෙන් විවිධ අදහස් (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:42

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගේ... Read More