ඇඳිරි නීතිය උල්ලංගණය කරමින් ධාවනය කළ මෝටර් රථයේ සිටි සිව් දෙනාගේ තොරතුරු එළියට

Friday, 03 April 2020 - 8:13

%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
එගොඩඋයන ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයේ සිටි පුද්ගලයන් 3 දෙනෙකු පොලීසිය සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මොරටුව - එගොඩඋයන - මෝදර අලුත්පාලම අසළ දිස්ත්‍රික් මායිම් මාර්ග බාධකයේදී ඇඳිරි නීතිය උල්ලංගණය කරමින් ඊයේ රාත්‍රී 10.20ට පමණ ධාවනය කළ මෙම මෝටර් රථය නවත්වන ලෙස පොලීසිය සංඥා කර ඇති බව සඳහන්.  

එහිදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයට මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

අලූත්පාලමට අනෙක් පස පිහිටා ඇති පානදුර - දකුණ පොලිස් ස්ථානයේ මාර්ග බාධක නිලධාරීන් ද එය නතර කිරීමට සංඥා කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

එහෙත් රථය නොනවත්වා ධාවනය කර තිබෙනවා.

පසුව පානදුර රෝහල අසළ නවතා තිබූ මෝටර් රථය සොයාගෙන ඇති අතර, එහි ගමන් ගත් සිව් දෙනෙකුගෙන් තුන් දෙනෙකු තුවාල ලබා සිටීම හේතුවෙන් රෝහල් ගත කෙරුණා.

පසුව එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

ඔහු වයස අවුරුදු 19ක් වන බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු සහ තුවාල ලැබූ තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කළේ.





දිනෙන් දින අභාවයට යන දකුණු ලකේ කිතුල් කර්මාන්තය (වීඩියෝ)
Sunday, 07 June 2020 - 13:39

අතරමැදි වෙළෙන්දන්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් නිසාත්, හඳුනානොගත්... Read More

මහියංගණයේ ගම්මාන රැසක ජනතාවට වන අලින්ගෙන් බලපෑම් (වීඩියෝ)
Sunday, 07 June 2020 - 13:33

වවන්නෝ දිනන්නෝ කියලා කිව්වාට, වන අලීන්ගේ ආක්‍රමණයන් හේතුවෙන්... Read More

තවත් කොරෝනා ආසාදිතයින් 50ක් සුවය ලබයි
Sunday, 07 June 2020 - 13:09

ආසාදිතයින් 50 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග මෙරටදී කොරෝනා... Read More