කොරෝනා වෛරසය ගැන අසත්‍ය පුවත් වාර්තා නොකරන්න - අගමැති

Friday, 03 April 2020 - 8:46

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමඟ ඇති වී ඇති වාතාවරණය පිළිබඳව පළවන අසත්‍ය පුවත්පත් වාර්තා නතර කිරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, උතුරේ දේශපාලනඥයන්ගෙන් ඉල්ලීමක් කළා.

ඒ, කොරෝනා වෛරසය ව්‍යාප්තිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ අරලියගහ මන්දිරයේ පැවති සර්ව පාක්ෂික හමුවේදීයි.

එම හමුව සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ, මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් ඇතුළු තවත් පක්ෂ නායකයින් රැසක් එක්ව සිටියා.

කොවිඩ් -19 වෛරසයෙන් ජීවිතක්ෂයට පත්වන ඕනෑම පුද්ගලයෙකුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමේදී ආගම පිළිබඳ ගැටලු මතුවුවත් සමස්ථ සමාජයට වන බලපෑම ගැන අවදානය යොමු කළ යුතු බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා.



ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More

කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ට නවාතැන් දෙන්න එරට වැඩබලන තානාපතිට උපදෙස් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:15

විදේශ ශ්‍රමිකයන් පිරිසක් රැගෙන කටාර්හි සිට අද මෙරටට පැමිණීමට... Read More

සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් - සිල්ලර ව්‍යාපාරික සංගමයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:49

මෙරට සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් බවත්... Read More