ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විශේෂ මෙහෙයුම් මැදිරියක්

Friday, 03 April 2020 - 9:13

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ආනයන සහ අපනයන සේවා අඛණ්ඩව සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා විශේෂ මෙහෙයුම් මැදිරියක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ස්ථාපිත කර තිබෙනවා.

ඒ අනුව වරාය සේවා සම්බන්ධයෙන් 011 24 35 861, 011 24 82 478, 077 311 00 40 හෝ 071 65 70 773 යන අංක අමතා ඒ පිළිබඳව තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතින බවයි රජය සඳහන් කළේ.

මීට අමතරව වරාය පිවිසුම් අවසර පත්‍රය, ඇඳිරි නීති අවසර පත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසරය හිමි වනවා.

වරාය රාජකාරී හා කන්ටේනර් ආනයන අපනයන කටයුතුවලදී ඇඳිරි නීති බලපත්‍ර ලබාගැනීම සඳහාද 011 59 78 708 සහ 011 59 78 738 යන දුරකතන අංක ඔස්සේ කරුණු විමසිය හැකියි.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සතු ආනයන සහ අපනයන සේවාවන් පිළිබඳව ගැටළු ඇත්නම් ඒ පිළිබඳව විමසීම සඳහාද දුරකතන අංක හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව 071 44 58 476 සහ 0777 27 38 79 යන අංක ඇමතීමෙන් ඒ පිළිබඳව කරුණු විමසිය හැකි බවයි රජය දැනුම් දෙන්නේ.

මේ අතර, ජල සැපයුම පිළිබඳව සියලු තොරතුරු ජල බිල්පතේ ගිණුම් අංකය කෙටි පණිවුඩයක් මගින් 077 93 99 999 යන දුරකතන අංකයට යැවීමෙන් දැන ගැනීමේ හැකියාව ද පවතිනවා.



කංජිපානි ඉම්රාන්ගේ සිර කුටියේ තිබී ජංගම දුරකථන හමුවේ
Sunday, 07 June 2020 - 16:10

බූස්ස බන්ධනාගාරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සංවිධානාත්මක... Read More

ඉන්දියාවේ සරණාගත කදවුරක සිට පියෙකුට සහ දියණියකට මෙරටට පැමිණීමට සහය දුන් 6ක් අත්අඩංගුවට
Sunday, 07 June 2020 - 15:47

කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් ඉන්දියාවේ සරණාගත කදවුරක සිට... Read More

ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්
Sunday, 07 June 2020 - 15:16

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අතුරුගිරිය ඇතුළු... Read More