ඇමරිකාවේ කොවිඩ් නයින්ටීන් මරණ වාර්තාගත ලෙස ඉහළට

Friday, 03 April 2020 - 10:08

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඇමරිකා එක්සත් ජනපදයේ නව කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව ඊයේ වාර්තාගත ලෙස 1169 කින් ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට එක්සත් ජනපදයේ පුද්ගලයන් 6000කට අධික පිරිසක් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇති අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව දෙලක්ෂ 45,066ක්.

ඉතාලියේ ආසාදිත සංඛ්‍යාව එක්ලක්ෂ 15,242ක් වන අතර එරට කොරෝනා මරණ සංඛ්‍යාව 13,915ක් ලෙසයි සටහන් වන්නේ.

ස්පාඤ්ඤයෙන් ඊයේ දිනයේ කොවිඩ් නයින්ටීන් මරණ 950ක් වාර්තා වූ අතර, එය එරටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි.

ස්පඤ්ඤයේ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව දස දහස ඉක්මවා ඇති අතර, එරට ආසාදිත  සංඛ්‍යාව එක්ලක්ෂ 12,000කට අධිකයි.

බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ සංඛ්‍යාව ද මේ වන විට 3000කට ආසන්න වන අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව 33,700 ඉක්මවනවා.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පිළිබද සංඛ්‍යාලේඛන විශ්ලේෂණය කරන ආයතනයක් අනාවැකි පළ කර ඇති පරිදි බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව ලබන 12 වන දා වන විට උපරිම මට්ටමට පැමිණිය හැකියි.

මෙවර පාස්කු ඉරිදා දිනය යෙදී ඇත්තේ ද එදිනටයි.


බ්‍රසීලය සීමා ලිහිල් කිරීමට සූදානම්
Thursday, 04 June 2020 - 10:10

කොරෝනා වෛරස ව්‍යාප්තියේ තවත් කේන්ද්‍රස්ථානය බවට පත් වෙමින්... Read More

නිසර්ගා නේපාලය දෙසට
Thursday, 04 June 2020 - 9:15

නිසර්ගා සුළි කුණාටුවෙන් මුම්බායි නුවරට අපේක්ෂා කළ තරම් හානි... Read More

අටවන දිනටත් ඇමරිකාවේ විරෝධතා
Wednesday, 03 June 2020 - 19:50

ඇමරිකාවේ මිනෙස්තෝ හිදී පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකු... Read More