වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කරයි

Friday, 03 April 2020 - 22:28

%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
හෙට සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

කොරෝනා වෛරස් මර්දනයට අත්‍යවශ්‍ය නීති සති දෙකක් තුල සකස් කරදෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම්දීමටයි අද පස්වරුවේ රැස්වු සංගමයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර ඇත්තේ.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් යෝජනා කළ සියලු දීමනා ප්‍රතික්ෂේප කිරීමට ද මෙහිදී එකඟතාව පළවී තිබෙනවා.

දිවයින පුරා සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දිනක වැටුප කොරෝනා නිවාරණ ජාතික අරමුදලට පරිත්‍යාග කිරීමට ද තීරණය කළ බවයි ඔවුන් නිවේදනය කළේ.

කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීමේ කටයුතුවලින් ඉවත්වීම සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහායි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ විධායක සභාව රැස්වුනේ.

අදළ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඔවුන්, ඊයේ පස්වරුවේ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සමඟ ද සාකච්ඡාවක නිරත වුණා.

සෞඛ්‍ය අමාත්‍යවරිය මෙන්ම ලේකම්වරිය සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙම ගැටලුවේදී මැදිහත්වී එය විසඳීමට ලබාදුන් සක්‍රීය දායකත්වය ද අද පැවති සාකච්ඡාවේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ විශේෂ ඇගයීමට ලක්ව තිබෙනවා.


277 දෙනෙකු රැගත් ‘‘අයිලන්ඩ් ප්‍රින්සස්’’ කොළඹ වරායට
Sunday, 31 May 2020 - 13:19

කාර්ය මණ්ඩලයේ 277 දෙනෙකු රැගත් අයිලන්ඩ් ප්‍රින්සස් මගී නෞකාව... Read More

සුවය ලැබූ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 801ක් දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 13:13

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින්... Read More

මෙරට  5,318ක් තවමත් නිරෝධායනයේ
Sunday, 31 May 2020 - 13:08

මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිටින සංඛ්‍යාව මේ වනවිට... Read More