ලොව පුරා කොරෝනා මරණ 59,000 ඉක්මවයි - ඇමරිකාවේ මුහුණු ආවරණ අපනයනය තහනම්

Saturday, 04 April 2020 - 8:05

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+59%2C000+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනයෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව මේ වනවිට 59,140 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආසාදිතයන් සංඛ්‍යාව සදහන් වන්නේ දස ලක්ෂ 97,810 ක් ලෙසයි.

ලොව වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙන් වන අතර එම සංඛ්‍යාව දෙලක්ෂ 76,965 ක්.

ඇමරිකාවේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය නතර කිරීම සදහා සියලූ පුරවැසියන්ට රෙදිවලින් සැකසූ මුඛ ආවරණ හෝ ස්කාෆ් පැළදීමට උපදෙස් ලබාදීමට ධවල මන්දිරය සූදානම් වනවා.

එමෙන්ම, ඇමරිකාවේ ප්‍රධානතම මුහුණු ආවරණ නිෂ්පාදන සමාගම වන ත්‍රී - එම් වෙත ධවල මන්දිරය නියෝග කර ඇත්තේ කැනඩාව සහ ලතින් ඇමරිකාව වෙත එන් - 95 වර්ගයේ මුහුණු ආවරණ අපනයනය වහා තහන්ම කරන ලෙසයි.

එම පියවර විශාල මානුෂවාදී අර්බුදයකට මුල් වනු ඇති බවට දැනටමත් චෝදනා එල්ල වනවා.

විශේෂයෙන් කැනඩාවේ සහ ලතින් ඇමරිකානු රටවල සෞඛ්‍ය සේවකයින් මෙම මුහුණු ආවරණ නොලැබුණහොත් දැඩි අවදානමකට ලක් වනු ඇති.

ජනපති ට්‍රම්ප් ඇමරිකානු සමාගම් මගින් නිෂ්පාදිත මුහුණු ආවරණ අපනනයනය තහනම් කර ඇත්තේ කොරියානු යුද සමයේ ජාතික ආරක්ෂක නීතියක් උපයෝගී කර ගනිමින්.

ඇමරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ දිනයේදී ද 1320කින් ඉහළ ගිය අතර මේ වන විට එරට මුළු කොවිඞ් මරණ සංඛ්‍යාව 7391ක්. ඉන් වැඩිම ප්‍රමාණයක් එනම්, මරණ 3000ක් පමණ වාර්තා වන්නේ නිව්යෝක් ප්‍රාන්තයෙන්.

එහි ඊයේ දිනය තුළ පමණක් මරණ 500කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වනවා.

නිව්යෝක් ප්‍රාන්තයේ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව මේ වන විට 2001 වසරේ සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාවට සමාන වී ඇති බවයි ආණ්ඩුකාර ඇන්ඩෲ කුවෝමෝ සඳහන් කළේ.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ මුහුණු ආවරණ ලබාදීමේදී සෞඛ්‍ය සේවකයින්ට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවයි.

පොදුවේ ජනතාවට දේශීයව නිෂ්පාදනය කර ගත් මුහුණු ආවරණ පැළදීමෙන් වෛරසය පැතිරීම අවම කර ගත හැකි බව එමගින් පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත්, විශේෂඥ පිරිස් කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරිම සදහා ක්‍රමවේද සොයමින් සිටින බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

කැස්සෙන් සහ කිවිසුම් යාමේදී කොරෝනා වෛරසය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝ වන අතර, පුද්ගලයින් අතර පරතරය සම්බන්ධයෙන් පවතින්නේ විවාදාත්මක මත පළ කිරීම් බව එම වාර්තා පෙන්වා දෙනවා.

මේ වන විට ඉතාලියෙන් කොරෝනා මරණ 14,681ක් වාර්තා වන අතර ස්පාඤ්ඤයෙන් මරණ 11,198ක් වාර්තා වනවා.

ප්‍රංශයේ කොරෝනා මරණ සංඛ්‍යාවට ඊයේ දිනයේදී තවත් 1120ක් එක්වූ අතර, එරට මුළු මරණ සංඛ්‍යාව 6507ක්.

කෙසේ නමුත් කොවිඞ් නයින්ටීන් වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයෙන් ඊයේ දිනයේදී වාර්තා වූයේ නව ආසාදිතයන් 31 දෙනෙකු සහ නව කොරෝනා මරණ 4ක් පමණයි.

එහෙත් දෙවැනි කොරෝනා වෛරස් රැල්ලක් වැළැක්වීම සඳහා චීනය තවදුරටත් පියවර ගනිමින් සිටිනවා.

චීන ජාතිකයන්ගේ ක්වින්මින් සැණකෙලිය හෙවත් සුසාන පිරිසිදු කිරීමේ උත්සවය ඊයේ යෙදී තිබූ අතර එහිදී චීන ජාතිකයන් සුසාන භූමි වෙත නොගොස් නව තාක්ෂණය යොදා ගනිමින් දුරස්ථව එම කටයුතුවල නිරත වූ බව විදෙස් වාර්තා සඳහන් කළා.



කළු ජාතිකයාගේ ඝාතනයට එරෙහි විරෝධතා අතර පොලිස් වෙඩිප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට (වීඩියෝ)
Monday, 01 June 2020 - 18:41

කළු ජාතිකයෙකු ඝාතනය කිරීමත් සමඟ ඇමෙරිකාවේ ඇරඹුණු විරෝධතා... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Monday, 01 June 2020 - 18:28

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1635 දක්වා ඉහලට
Monday, 01 June 2020 - 17:52

තවත් කොරෝනා අසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන්... Read More