විදේශයන් හි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනයට ප්‍රායෝගික පියවර

Saturday, 04 April 2020 - 10:05

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB
කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය හේතුවෙන් විදේශයන් හි රැදී සිටීමට සිදුව ඇති ශ්‍රී ලාංකිකයන්ට සහන සැලසීමේ ප්‍රායෝගික පියවර පිළිබදව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අදාළ බලධාරීන් සමඟ සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ විදේශයන් හි සිටින ශ්‍රී ලාංකිකයන් වහා දිවයිනට ගෙන්වා ගැනීමට හැකියාවක් නොමැති නිසා ඔවුන්ගේ සුබසාධනය සහතික කිරීමට පියවර ගෙන ඇති බවයි.

මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ සමීපව අධීක්ෂණයේ නිරත වන බව ද එමගින් සඳහන් කළා.  

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය හමුවේ අනෙකුත් රටවල් සමඟ ආර්ථික සහ වෙළඳ සබඳතා අඛණ්ඩව පවත්වා ගැනීම ද වැදගත් බවයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පෙන්වා දී ඇත්තේ.

එමෙන්ම, මෙරට තේ වෙළඳපොළ තහවුරු කිරීමත්, ඇඟලූම් ඇතුළු අනෙකුත් නිෂ්පාදන සඳහා නව වෙළඳපොළ ගවේෂණය කිරීමත් වැදගත් වන බව අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.


දිනෙන් දින අභාවයට යන දකුණු ලකේ කිතුල් කර්මාන්තය (වීඩියෝ)
Sunday, 07 June 2020 - 13:39

අතරමැදි වෙළෙන්දන්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් නිසාත්, හඳුනානොගත්... Read More

මහියංගණයේ ගම්මාන රැසක ජනතාවට වන අලින්ගෙන් බලපෑම් (වීඩියෝ)
Sunday, 07 June 2020 - 13:33

වවන්නෝ දිනන්නෝ කියලා කිව්වාට, වන අලීන්ගේ ආක්‍රමණයන් හේතුවෙන්... Read More

කොරෝනා ආසාදනය වී සිටි තවත් 50ක් සුවය ලබයි
Sunday, 07 June 2020 - 13:09

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි තවත්... Read More