චීනය එවරස්ට් තරණයත් අරඹයි

Saturday, 04 April 2020 - 10:20

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%91%E0%B7%80%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය හමුවේ නේපාලය එවරස්ට් කඳුශිකරය තරණය කිරීම අත්හිටුවා තිබියදී චීනය එය දැනටමත් ආරම්භ කර තිබෙනවා.

ලොව උසම කඳු ශිකරය වන එවරස්ට් කඳු මුදුන පිහිටා ඇත්තේ චීනය සහ නේපාලය අතරයි. එය දෙපාර්ශවයෙන්ම තරණය කළ හැකි අතර, කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය හේතුවෙන් නේපාලය මෙවර කඳු නැගීමේ වාරය මෙතෙක් ආරම්භ කර නැහැ.

එහෙත් චීනය සිය පාර්ශවයෙන් කඳු නැගීම ඊයේ ආරම්භ කළ අතර ඒ සඳහා විදේශිකයන්ට අවසර හිමි වී නැහැ.

චීනයේ එවරස්ට් තරණ මෙහෙයුම සංවිධාන කර ඇත්තේ චීන - ටිබෙට් කඳු නැගීමේ සම්මේලනය මගින්.


ඉන්දියාවේ සරණාගත කදවුරක සිට පියෙකුට සහ දියණියකට මෙරටට පැමිණීමට සහය දුන් 6ක් අත්අඩංගුවට
Sunday, 07 June 2020 - 15:47

කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් ඉන්දියාවේ සරණාගත කදවුරක සිට... Read More

ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්
Sunday, 07 June 2020 - 15:16

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අතුරුගිරිය ඇතුළු... Read More

පෙරහුරු ඡන්දය සාර්ථකව අවසන් (වීඩියෝ)
Sunday, 07 June 2020 - 15:07

අම්බලන්ගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථානයේ පැවති ආදර්ශ මැතිවරණය... Read More