තවත් ආසාදිතයන් 3 දෙනෙකු හඳුනා ගැනේ - මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 162 දක්වා ඉහළට

Saturday, 04 April 2020 - 16:49

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A+-+%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+162+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 3 දෙනෙකු අද තහවුරු කරගෙන තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ ඒ අනුව, මේ වනවිට මෙරටදී වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ මුළු රෝගීන් සංඛ්‍යාව 162 ක් බවයි.

අවසාන වරට හඳුනා ගත් රෝගීන් 11 දෙනාගෙන් තිදෙනෙකු යාපනය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටියදී හඳුනාගෙන තිබෙනවා.

එසේම, ඇමරිකාවේ සහ දකුණු කොරියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි තවත් දෙදෙනෙකු ද ඒ අතර සිටියා.

මෙහි තවත් එක් අයෙකු පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයක සිට හඳුනා ගත් අතර තවත් අයෙකු හලාවත ප්‍රදේශයෙන් හඳුනා ගත් පුද්ගලයෙක්.

විදේශීකයන් සමග ලගින් කටයුතු කළ අයෙකු ද මෙහි සිටින අතර, කළුතරින් හඳුනා ගත් ගැබිණි කාන්තාවක ද පිරිස අතර සිටියා.

කෙසේ වෙතත්, ඇය දරු ප්‍රසූතිය සිදුකිරීමෙන් පසු මේ වනවිට කළුතර - නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අදාළ දරුවාගේ ජෛව සාම්පලයක් ද කොරෝනා පරීක්ෂණය සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කෙරුණා.

අකුරණ ප්‍රදේශයෙන් හඳුනා ගත් රෝගියා ලගින් ඇසුරු කළ දෙදෙනෙකු මෙම තහවුරු කළ රෝගීන් අතර සිටින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ.

ඊයේ දිනයේ කොරෝනා රෝගීන් 8 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 3 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ යාපනය - තල්සෙවණ නිරෝධායන මධ්‍යස්ථානයෙන්. ඔවුන් කොරෝනා ආසාදිත ස්විස් දේවගැතිවරයාගේ දේව මෙහෙයට සහභාගි වූවන් බව වාර්තා වනවා.

අනෙක් රෝගීන් පුත්තලම, දෙහිවල, පන්නිපිටිය, මතුගම සහ බේරුවල ප්‍රදේශවලින් වාර්තා වී තිබෙනවා.

මේ අතර, ඊයේ මතුගම - නවුත්තුඩුව ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත රෝගියා මාර්තු 10 වනදා දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14ක් නිරෝධායනය වී නිවසට පැමිණ ඇත්තේ පසුගිය 24 වනදායි.

ඒ අනුව, අදාළ පුද්ගලයා පදිංචිව සිටි ප්‍රදේශයට පැමිණි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් ඔහුගේ නිවස සහ අවට ප්‍රදේශය අද විෂබීජහරණයට ලක් කළ අතර, අදාළ පුද්ගලයාගේ මව සහ ඥාතී දියණියක් නිවසේම ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

මේ අතර,කොරෝනා ආසාදනය වී ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කෙරුණු කුඩා දරුවන් 9 දෙනාගෙන් එක් අයෙකු සුවය ලබා ඉන් පිටව ගියා. ඔහු අවුරුද්දයි මාස 4ක් පමණ වයසැති පිරිමි දරුවෙකු වන අතර සිය දෙමාපියන් සමග විදෙස් ගතව සිට පසුගිය දිනක මෙරටට පැමිණ තිබෙනවා.

එසේම, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මර්නා කබ්රාල් කියා සිටියේ කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබන කිසිදු දරුවෙකු බරපතල තත්ත්වයේ පසු නොවන බවයි.

මේ අතර, කොරෝනා වෛරසය ආසදනය වී අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගියෙකු අද සුවය ලබා රෝහලෙන් පිටව ගියා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ මේ වනවිට රෝගීන් 25 දෙනෙකු සුවය ලබා සිය නිවෙස් වෙත පිටව ගොස් ඇති බවයි.

තහවුරු කළ කොරෝනා රෝගීන් 162 දෙනාගෙන් මේ වනවිට 132 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, තවත් 273 දෙනෙකු වෛරසය ආසාදිත බවට සැක කරමින් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

මේ අතර, කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමත් සමග හුදකලා කෙරුණු බණ්ඩාරගම - අටලූගම ප්‍රදේශයේ ජනතාව, සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශවල උපදෙස් නොතකමින් වෙනත් ගම්මාන වෙත හොර රහසේ ගමන් ගන්නා බවට තොරතුරු වාර්තා වනවා.

එම ගම්මානයේ පසෙකින් දිවෙන බොල්ගොඩ ගඟේ අතු ගංගාවක් හරහා ඔවුන් බෝට්ටු මගින් මෙලෙස වෙනත් ප්‍රදේශ වෙත ගමන් කරන බවටයි ආරක්ෂක අංශ වෙත තොරතුරු වාර්තා වී ඇත්තේ.

ඒ අනුව එහි ආරක්ෂාව තර කිරීම සඳහා බණ්ඩාරගම පොලීසිය සහ පොලිස් නාවික කොට්ඨාශය එක්ව ආරක්ෂක බෝට්ටු සේවයක් ආරම්භ කළා.



කොරෝනා නිසා විදේශීය යුවළක් ශ්‍රී ලංකාවේදී සැමරූ අමතක නොවන උපන්දිනය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 14:01

ආගන්තුක සත්කාර දන්නා, කරුණාවන්ත හදවත් ඇත්තන් සිටින රටක් ලෙස... Read More

සෞඛ්‍ය උපදෙස්වලට ගරු කර නිවසටම වී පොසොන් ආගමික වතාවත්වල නියැලෙන්නැයි මහා සංඝරත්නය ඉල්ලයි (වීඩියෝ)
Thursday, 04 June 2020 - 13:54

සෞඛ්‍ය අංශ සහ රජය විසින් ලබාදී ඇති උපදෙස්වලට ගරු කරමින් නිවසටම... Read More

අවිධිමත් සංවර්ධන ව්‍යාපෘතියක් නිසා අපහසුතාවට පත් වූ ප්‍රදේශවාසීන් පිරිසක් (වීඩියෝ)
Thursday, 04 June 2020 - 13:46

අවිධිමත් සංවර්ධන ව්‍යාපෘතියක් හේතුවෙන් අපහසුතාවට පත් වූ... Read More