ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකවලට ඕනෑම පාර්ශවයකට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ගරු කිරීමට සිදුවන බව එජාපය කියයි

Saturday, 04 April 2020 - 19:46

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%95%E0%B6%B1%E0%B7%91%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%9D+%E0%B6%85%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන් ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කළ නිර්ණායකවලට ඕනෑම පාර්ශවයකට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ගරු කිරීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පවසන්නේ එම තත්ත්වය සියලූදෙනා අවබෝධ කර ගත යුතු බවයි.

මෙම අවස්ථාවේ ඇතැම් කණ්ඩායම් ජාතිවාදී සහ ආගම්වාදී අදහස් සමාජයට මුදා හරිමින් කටයුතු කිරීම අවාසනාවන්ත තත්ත්වයක් බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

මේ අතර, සමස්ත ලංකා ජමියතුල් උලමා, ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය, ඇතුළු මුස්ලිම් සංවිධාන 17ක් අද නිවේදනයක් නිකුත් කර තිබුණා.

ඒ කොරෝනා වසංගතය පාලනය කර ගැනීම සඳහා රජයේ නීතිරීතිවලට සම්පූර්ණයෙන්ම යටත් විය යුතු බව සිය ප්‍රජාවට දන්වමින්.

ඒ අනුව, ඇඳිරි නීතිය බලපවත්නා කාලය තුළ සහ ස්වයං නිරෝධායනයට ලක්වී ඇති කාලය තුළ රජයේ නීතිරීතිවලට සම්පූර්ණයෙන්ම යටත්විය යුතු බව ඔවුන් දැනුම් දෙනවා.

පල්ලිවල හෝ පොදු ස්ථානවල සිදුකරන සිකුරාදා ජුම්මා ඇතුළු දිනපතා යාච්ඥා කටයුතු සපුරා තහනම් කළ යුතු බවයි එහි දැක්වෙන්නේ.

අදාළ නීතිරීතිවලට යටත් නොවන පුද්ගලයන්ට දැඩි නීතිමය පියවර ගන්නා බව ද මුස්ලිම් සංවිධාන 17 ක් නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.


සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් - සිල්ලර ව්‍යාපාරික සංගමයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:49

මෙරට සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් බවත්... Read More

මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලනඥයින්ගෙන් විවිධ අදහස් (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:42

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගේ... Read More

විදේශයන්හි සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීම තාවකාලිකව නවතී, දෝහා ගුවන් යානයත් අවලංගුයි (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:16

කටාර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 1051 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය... Read More