අලුත් අවුරුදු සමය නිමවනතෙක් කොරෝනා මර්දන වැඩසටහන්

Sunday, 05 April 2020 - 7:31

%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%80%E0%B6%B1%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A
අලුත් අවුරුදු සමය අවසානය තෙක් වත්මන් කොරෝනා මර්දන වැඩසටහන පවත්වාගෙන ගොස් අනතුරුව තත්ත්වය විමර්ශනය කර ඉදිරි පියවර ගැනීමට රජය තීරණයකට එළඹ තිබෙනවා.

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට දියත් කළ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාව පළ වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මෙම සාකච්ඡාවට අදාළ අංශ නියෝජනය කරමින් නියෝජිතයින් රැසක් එක්වුණා.

එහිදී අනාවරණ වුණේ රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ග නිසා මෙම සෞඛ්‍ය ගැටළුව පාලනයෙන් ගිලිහී යා නොදී කලමනාකරණය කර ගැනීමට හැකි වූ බවයි.

කොරෝනා රෝගීන් වැඩි සංඛ්‍යාවක් හමුවූ දිස්ත්‍රික්ක කිහිපය හැර බහුතරයක් දිස්ත්‍රික්කවල රෝගය ව්‍යාප්ත වීමේ තර්ජනයක් දැනට නොමැති බව එහිදී හෙළිව තිබෙනවා.

එමෙන්ම, අලුත් අවුරුදු සමය අවසන් වීමත් සමඟ අවදානමෙන් තොර දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක සීමාවන් ඉවත් කිරීමේ හැකියාව පිළිබඳවද එම සාකච්ඡාවේදී අවධානයට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

එමෙන්ම, කොරෝනා වෛරසය මර්දනය සඳහා ඉදිරියටත් තීරණ ගනු ලබන්නේ සෞඛ්‍ය, වෛද්‍ය, ආරක්ෂක සහ නීති ඇතුළු අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගේ නිර්දේශ මත පදනම් වෙමින් බව ද එහි වැඩිදුරටත් සඳහන්.

කෙසේ වෙතත්, මෙරට කොරෝනා වෛරස් අවදානම තවම පහව ගොස් නොමැති බවද එහිදී හෙළි වුණා. ආසාදිතයන් සහ ආසාදිත වූ බවට සැක කෙරෙන පිරිස් මෙන්ම ඔවුන් ඇසුරු කළ අය නැවත නැවතත්, දැඩි පරීක්ෂාවට ලක් කළ යුතු බවටද මෙහිදී තීරණයකට පැමිණ තිබෙනවා.

ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, හිටපු ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොල, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන්ද එම රැස්වීමට එක්ව සිටියා.


මැතිවරණ දිනය ගැන මැ.කො.ස ගෙන් ඉඟියක්
Monday, 01 June 2020 - 18:56

ඡන්ද විමසීම පැවැත්වීමට සුදුසු දිනය නියම කිරීම පිළිබඳව නෛතික... Read More

කළු ජාතිකයාගේ ඝාතනයට එරෙහි විරෝධතා අතර පොලිස් වෙඩිප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට (වීඩියෝ)
Monday, 01 June 2020 - 18:41

කළු ජාතිකයෙකු ඝාතනය කිරීමත් සමඟ ඇමෙරිකාවේ ඇරඹුණු විරෝධතා... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Monday, 01 June 2020 - 18:28

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More