කොළඹ සිරවූ ශ්‍රමිකයන් ගම්බිම් බලා යැවීමට වැඩපිළිවෙලක්

Sunday, 05 April 2020 - 11:22

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%96+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
ඇඳිරි නීතිය පැනවීමත් සමඟ බස්නාහිර පළාත තුළ ගම්බිම්බලා යාමට නොහැකිව සිරවී සිටින ශ්‍රමිකයින් පිටත් කර හැරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ පොලීසිය සමඟ එක්ව ඊට අදාළ වැඩපිළිවෙල මේ වනවිට සකස් කරමින් පවතින බවයි.

ඒ අනුව, බස්නාහිර පළාතේ නවාතැන් ගෙන සිටින පුහුණු ශ්‍රමිකයින් සහ කම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කිරීම ද මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ප්‍රගතිශීලි වෘත්තීය සමිති සන්ධානයේ සභාපති හිටපු රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ මෙම වැඩපිළිවෙල පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සමඟද සාකච්ඡා කළ බවයි.

එමෙන්ම, රාජ්‍ය අංශයේ සේවකයින් ලබා ගෙන ඇති රුපියල් දස ලක්ෂයට වැඩි බැංකු ණය ගෙවීමේදී සහනයක් සැලසීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙමින් පවතින බවයි හිටපු රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.


කොරෝනා නිසා විදේශීය යුවළක් ශ්‍රී ලංකාවේදී සැමරූ අමතක නොවන උපන්දිනය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 14:01

ආගන්තුක සත්කාර දන්නා, කරුණාවන්ත හදවත් ඇත්තන් සිටින රටක් ලෙස... Read More

සෞඛ්‍ය උපදෙස්වලට ගරු කර නිවසටම වී පොසොන් ආගමික වතාවත්වල නියැලෙන්නැයි මහා සංඝරත්නය ඉල්ලයි (වීඩියෝ)
Thursday, 04 June 2020 - 13:54

සෞඛ්‍ය අංශ සහ රජය විසින් ලබාදී ඇති උපදෙස්වලට ගරු කරමින් නිවසටම... Read More

අවිධිමත් සංවර්ධන ව්‍යාපෘතියක් නිසා අපහසුතාවට පත් වූ ප්‍රදේශවාසීන් පිරිසක් (වීඩියෝ)
Thursday, 04 June 2020 - 13:46

අවිධිමත් සංවර්ධන ව්‍යාපෘතියක් හේතුවෙන් අපහසුතාවට පත් වූ... Read More