කොටියෙකුටත් COVID 19 වැළඳෙයි

Monday, 06 April 2020 - 10:52

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+COVID+19+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%B3%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නිව්යෝක්හි බ්‍රොන්ක්ස් සත්ත්ව උද්‍යානයේ කොටියෙකුට කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය වැළඳී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

'නාඩියා' නම් මෙම සත්ත්වයා වයස අවුරුදු 4ක් වන අතර වියළි කැස්සකින් අනතුරුව සිදුකළ පරීක්ෂාවකින් පසු මේ බව අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් සත්ත්ව උද්‍යානය නිල ප්‍රවෘත්ති නිවේදනයක්ද නිකුත් කර තිබුණා.

සත්ත්ව උද්‍යානයේ වෙනත් කිසිදු සත්ත්වයෙකුට රෝග ලක්ෂණ නොපෙන්වන බව එම නිවේදනයේ සඳහන්.

'නාඩියා'ට මෙය වැළඳි ඇත්තේ සත්ත්ව උද්‍යානයේ සේවකයෙකුගෙන් බවයි අනාවරණය වන්නේ.

මාර්තු 16 වැනිදා සිට වසා දැමුණු මෙම සත්ත්ව උද්‍යානය ජනතාවට විවෘත වූයේ නැහැ.

මෙම සිදුවීම සමඟ වෛරසයෙන් පෙළෙන ඕනෑම කෙනෙක්, සුරතල් සතුන් සමඟ සම්බන්ධතා අවම කරන ලෙසට එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) උපදෙස් ලබා දී තිබෙනවා.

මීට පෙර සුනඛයෙකුට හා බළල් පැටවෙකුට කොරෝනා වැළඳුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.


පළගැටි උවදුර තවදුරටත් පැතිරේ
Monday, 01 June 2020 - 19:14

කුරුණෑගල - මාවතගමින් පසුගිය දා වාර්තා වූ පළගැටි විශේෂය එහි... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1639 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 19:06

තවත් කොරෝනා ආසාදිතයන් 4 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

මැතිවරණ දිනය ගැන මැ.කො.ස. ගෙන් ඉඟියක්
Monday, 01 June 2020 - 18:56

ඡන්ද විමසීම පැවැත්වීමට සුදුසු දිනය නියම කිරීම පිළිබඳව නෛතික... Read More