යතුරුපැදියක ගිය අඹුසැමි යුවළක් කැබ් රථයක ගැටී මරුට

Monday, 06 April 2020 - 11:21

%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B9%E0%B7%94%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
දඹුල්ල - හබරණ මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී අද පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් අඹු සැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරුපැදියක ගමන් කළ ඔවුන් ඉදිරියෙන් පැමිණි කැබ් රථයක ගැටී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ඒ අනුව අදාළ යතුරුපැදිය ධාවනය වෙමින් තිබියදි ඊට ඉදිරියෙන් ගිය තවත් කැබ් රථයක් වේගය පාලනය කරනවාත් සමඟම යතුරුපැදිකරු එම කැබ් රථය පසුකර යාමට උත්සාහ දරා තිබෙනවා.

එම අවස්ථාවේ අදාළ කැබ් රථයේ බඳේ වැදී ඔවුන් ප්‍රධාන මාර්ගයට ඇද වැටී ඇති අතර, එහිදී ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පොළොන්නරුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් කැබ් රථයක ගැටී ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

කැබ් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඉන්දියාවේ සරණාගත කදවුරක සිට පියෙකුට සහ දියණියකට මෙරටට පැමිණීමට සහය දුන් 6ක් අත්අඩංගුවට
Sunday, 07 June 2020 - 15:47

කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් ඉන්දියාවේ සරණාගත කදවුරක සිට... Read More

ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්
Sunday, 07 June 2020 - 15:16

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අතුරුගිරිය ඇතුළු... Read More

පෙරහුරු ඡන්දය සාර්ථකව අවසන් (වීඩියෝ)
Sunday, 07 June 2020 - 15:07

අම්බලන්ගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථානයේ පැවති ආදර්ශ මැතිවරණය... Read More