දිස්ත්‍රික්ක 19කට අද 2ට පැනවූ ඇඳිරි නීතිය බ්‍රහස්පතින්දා තෙක් - අධි අවදානම් කලාපවල තවදුරටත් ඇඳිරි නීතිය (වීඩියෝ)

Monday, 06 April 2020 - 16:15

%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+19%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+2%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%80%E0%B7%96+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%85%E0%B6%B0%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%80%E0%B6%BD+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට හැර අනෙකුත් දිස්ත්‍රික්කවලට අද දහවල් 2ට යළි පනවනු ලැබූ ඇඳිරි නීතිය අප්‍රේල් 9 වන බ්‍රහස්පතින්දා පෙරවරු 6 වන තෙක් ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

එය එදිනම පස්වරු 4ට යළි පැනවීමට නියමිතයි. කෙසේ නමුත්, කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හදුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දන්වන තුරු බලාත්මක පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් තහනම් වන අතර, අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

අද දිනයේදී ඇඳිරි නීතිය ඉවත් කෙරුණු ප්‍රදේශවල ජනතාව තම දෛනික අවශ්‍යතාවන් ඉටු කර ගැනීම සඳහා නගර වෙත පැමිණ සිටියා.

ඇතැම් ප්‍රදේශවල ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ ද ඇතැම් ජනතාව එය කිසිදු තැකීමකට ගෙන තිබුණේ නැහැ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ඇඳිරි නීතිය ලිහිල් කරන අවස්ථාවලදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.











කොවිඩ් 19 වෛරසයට එරෙහි චීන එන්නත බ්‍රිතාන්‍යයේදීත් අත්හදාබැලීමේ සූදානමක්
Sunday, 31 May 2020 - 11:06

කොවිඩ් 19 වෛරසයට එරෙහිව තමන් නිපදවූ එන්නත සාර්ථක වීමේ සියයට... Read More

පොරවකින් පහර දී පියා ඝාතනය කළ පුතා සොයා පොලිස් මෙහෙයුම් (වීඩියෝ)
Sunday, 31 May 2020 - 11:03

පොරවකින් පහරදී තම පියා ඝාතනය කර පළාගොස් ඇති පුත්‍රයෙකු සොයා... Read More

මරණ තර්ජන සිද්ධියකට පොලිස් සැරයන්වරයෙකු ඇතුලූ සිව්දෙනෙකු අත්අඩංගුවට
Sunday, 31 May 2020 - 11:02

පුද්ගලයෙකුට මරණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හම්බන්තොට... Read More