මෙරට කොරෝනා මරණ 6 දක්වා ඉහළට - ආසාදිතයින් ගණන 180 වේ

Tuesday, 07 April 2020 - 11:17

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+6+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+-+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+180+%E0%B7%80%E0%B7%9A
මෙරට සිදුවූ 6 වන කොරෝනා මරණය අද වාර්තා වුණා. අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ 80 හැවිරිදි පුද්ගලයෙකු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ.

මෙම පුද්ගලයා දෙහිවල - නැදිමාල - රබර්වත්ත පාරේ අරුණාලෝක මාවතේ පදිංචිකරුවෙකු වන අතර,  කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මොහුව අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කෙරුණේ පසුගිය මස 27 වන දායි.

මෙම පුද්ගලයාගේ බිරිඳට, බැණනුවන්ට සහ මුණුබුරාට ද වෛරසය ආසාදනය වී ඇති බවට පසුව තහවුරු වුණා.

ඔවුන් ද මේ වන විට අයි.ඞී.එච්. උණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මිය ගිය පුද්ගලයාගේ බැණනුවන් සංචාරක මඟ පෙන්වන්නෙකු වන අතර, පසුගිය මාර්තු මාසයේදී මොහු විදේශ ජාතිකයින් පිරිසකට මාර්ගෝපදේශය සපයා තිබෙනවා. මොහුගෙන් කොරෝනා වෛරසය අද මිය ගිය පුද්ගලයාට ආසාදනය වන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

මේ අතර, කොරෝනා ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වන විට 180 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, අද දිනයේ අලූතෙන් රෝගීන් දෙදෙනෙකු සොයා ගැනීමත් සමඟයි.

තවත් 137 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබනවා. වසංගත රෝග විද්‍යා ඒකකයේ නවතම දත්තවලට අනුව සුවය ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 38ක්.  

එසේම, බේරුවල වෙත්තිමරාජපුර ප්‍රදේශයේ දින 14කට වැඩි කාලයක් නිවසෙහි ස්වයං නිරෝධායනයට ලක්වූ පුද්ගලයෙකුට ඉන් දින 6කට පසු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඔහු පසුගිය මාර්තු මස 16 වන දා ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණ ඇති අතර, පොලීසියේ මැදිහත් වීමෙනුයි ඔහු ස්වයං නිරෝධායනයට ලක්වී ඇත්තේ.

කෙසේ වෙතත් ඊයේ දින සිදුකරන ලද පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි.

නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක්වූ මතුගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට ද පසුව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට හෙළි වුණා.

එසේම පසුගිය දා මාලදිවයිනේ සිට පැමිණ ස්වයං නිරෝධායනයට ලක්වූ 28 හැවිරිදි ගර්භනී කාන්තාවක තම දරු ප්‍රසූතිය සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් වූ අවස්ථාවේ සැක සහිත කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් දිසානායක සඳහන් කළේ.

ඇලහැර - බකමූණ ප්‍රදේශයේ පදිංචි ඇගේ ජෛව සාම්පල මහනුවර මහ රෝහල වෙත යොමුකර තිබෙනවා.

මේ අතර, උණ සහ ස්වසන අපහසුතාවයක් හේතුවෙන් දඹුල්ල රෝහලට රැගෙන එන අවස්ථාවේදී ඊයේ මිය ගිය 75 හැවිරිදි කාන්තාවට කොරෝනා වැළදී තිබුණේ දැයි පරීක්ෂා කිරීම සඳහා ඇගේ සිරුරු කොටස් මහනුවර මහරෝහල වෙත යොමු කර තිබෙනවා.

මෙම පරීක්ෂණ දෙකෙහිම ප්‍රතිඵල අද පස්වරුවේ නිකුත් වීමට නියමිතයි.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු බ්‍රිතාන්‍යයේදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මීට පෙර වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු එරට දී මිය ගියා. අද ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් දෙදෙනා 62 සහ 72 යන වයස්වල පසුවන්නන් වනවා.







රට ඉන්න ලාංකිකයින් මව්බිමට ගෙන්වන අලුත්ම ක්‍රමය
Thursday, 28 May 2020 - 9:52

විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් යළි මව්බිමට ගෙන්වා ගැනීමේදී... Read More

පොදු ප්‍රවාහනය ගැන පොලීසිය තවමත් නොසතුටින් - බස් සංගමයකින් තවත් යෝජනාවක්
Thursday, 28 May 2020 - 7:54

විවිධ නගරවල සිට අදත් දුම්රිය 31 ක් කොළඹ බලා ධාවනයට සැළසුම්... Read More

වඳවීමේ තර්ජනයට ලක්වී ඇති විල් මුවෙකු කරන්දෙණියෙන් සොයාගැනේ
Thursday, 28 May 2020 - 7:39

වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති මුවන් වර්ගයක් වන විල් මුවෙකු ගාල්ල... Read More