ඇඳිරි නීති බලපත්‍රය නිකුත්කිරීමට නව ක්‍රමවේදයක්

Tuesday, 07 April 2020 - 18:01

%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඇඳිරි නිති බලපත්‍ර නිකුත් කිරිමේ ක්‍රමවේදය වෙනස් කිරිමට රජය කටයුතු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

ඒ අනුව එම බලපත්‍ර නිකුත් කිරිම ක්‍රම 4 කට ක්‍රියාත්මක වන අතර, ඒ පොලිස් මුලස්ථානය, පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, කොට්ඨාශ භාර පොලිස් අධිකාරි කාර්යාල සහ පොලිස් ස්ථාන මගින්.

ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් සේවකයන් 50 ඉක්මවු ආයතන සඳහා ඇදිරි නීති බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ පොලිස් මුලස්ථානය මගින් වන අතර, අනෙක් සියළු දිස්ත්‍රික්ක වල සේවකයන් 50 ඉක්මවු ආයතන සඳහා ඇදිරි නීති බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ අදාළ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන්.

එමෙන්ම පොලිස් කොට්ඨාශ බල ප්‍රදේශ වලට අයත් සේවක සංඛ්‍යාව 10 ට වැඩි 50 අඩු ආයතන සඳහා ඇදිරි නීති බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ කොට්ඨාශ භාර පොලිස් අධිකාරි කාර්යාලය විසින් වන අතර, සේවකන් 10 අඩු ආයතන සඳහා ඒවා නිකුත් කරනු ලබන්නේ එම ප්‍රදේශ වල පොලිස් ස්ථාන මගින් බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

අතිශය මානුෂිය හේතුන් මත ඇතැම් පුද්ගලයින්ට ඇදිරි නිතී බලපත්‍ර නිකුත් කිරිමට පොලිස් ස්ථාන වලට අවසර ලබා දි තිබෙනවා.

එසේම දිවයිනට පනවා ඇති ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම හේතුවෙන් අද උදෑසන හයේ සිට දහවල් 12 දක්වා වූ කාලය තුළ අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 222 ක්.

එම කාලසීමාවේදී පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 73 ක් වන අතර, ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළ මාර්තු මස 20 වන දා සිට අද දහවල් 12 දක්වා කාලය තුළ පුද්ගලයින් 16,124 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කාලසීමාවේදී පොලිස් භාරයට ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 4,064 ක් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
   
ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමේ නව ක්‍රමවේදය ඇතුළත් චක්‍රලේඛය www.police.lk වෙබ් අඩවියට ඇතුලත් කර ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ මාධ්‍ය නිවේදනය පහතින්.









තියුණු ආයුධයක් රැගෙන යතුරුපැදියකින් ගමන් කළ දෙදෙනෙකු අත්අඩංගුවට
Sunday, 12 July 2020 - 14:57

කිලිනොච්චිය - පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේදී තියුණු ආයුධයක්... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Sunday, 12 July 2020 - 14:52

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

තවත් කොරෝනා ආසාදිතයින් 4ක් - එක් අයෙකු සුවය ලබයි
Sunday, 12 July 2020 - 14:45

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2515ක් දක්වා ඉහළගොස් තිබෙනවා.ඒ... Read More