කොරෝනා බිලිගත් මෙරට 6 වැන්නාගේ ආදාහනය සිදුකරයි (වීඩියෝ)

Tuesday, 07 April 2020 - 18:40

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+6+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
දෙහිවල - නැදිමාල - අරුණාලෝක මාවතේ පදිංචිව සිටි කොරෝනා වෛරසය වැළඳීමෙන් අද ජීවිතක්ෂයට පත්වූ   80 හැවිරිදි පුද්ගලයාගේ දේහය ආදාහනය කිරීමේ කටයුතු අද පස්වරුවේ කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.

ඒ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලීසිය සහ මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් ඇතුලු සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන්.

මෙම වෛරසය වැළඳීමෙන් මෙරටදී මියගිය හයවන පුද්ගලයා වන මොහු IDH හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත්ව තිබුණේ පසුගිය මාර්තු 27 වනදායි.

එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගිය බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අද ප්‍රකාශ කළේ.

මියගිය පුද්ගලයාගේ බිරිඳට සහ බෑණනුවන්ට මෙන්ම මුණුපුරාටද වෛරසය ආසාදනය වී ඇති අතර, ඔවුන්ද මේ වනවිට IDH රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සංචාරක මග පෙන්වන්නෙකු වන බෑණනුවන් පසුගිය මාර්තු මාසයේදී විදේශිකයන් පිරිසකට මාර්ගෝපදේශ සපයා ඇති අතර, ඔහුගෙන් මියගිය පුද්ගලයාට වෛරසය ආසාදනය වන්නට ඇති බවටයි සැක කරන්නේ.  

කොවිඩ් 19 වෛරසය වැළඳීමෙන් මෙරටදී පළමු මරණය වාර්තාවුණේ පසුගිය 28 වනදායි.

60 හැවිරිදි මාරවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු එලෙස මියගිය අතර, මීගමුව - කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙකු මාර්තු 30 වනදා මියගියේ වෛරසය ආසාදනය වීමෙන් මෙරටදී මියගිය දෙවන පුද්ගලයා ලෙසයි.

අනතුරුව අප්‍රේල් 3 වනදා, හතරවනදා සහ පස්වනදා කොවිඞ් - 19 මරණ මෙරටින් වාර්තාවූ අතර, එලෙස මියගියේ මරදාන, රත්මලාන සහ හෝමාගම ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය බවට සැක කෙරෙන තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ තොරතුරු අද පස්වරුවේ බ්‍රිතාන්‍යයෙන් වාර්තාවුණා.

අද පෙරවරුවේද මෙම වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගිය නමුත් මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය හෝ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මේ වනතෙක් නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර නැහැ.






තියුණු ආයුධයක් රැගෙන යතුරුපැදියකින් ගමන් කළ දෙදෙනෙකු අත්අඩංගුවට
Sunday, 12 July 2020 - 14:57

කිලිනොච්චිය - පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේදී තියුණු ආයුධයක්... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Sunday, 12 July 2020 - 14:52

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

තවත් කොරෝනා ආසාදිතයින් 4ක් - එක් අයෙකු සුවය ලබයි
Sunday, 12 July 2020 - 14:45

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2515ක් දක්වා ඉහළගොස් තිබෙනවා.ඒ... Read More