තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හඳුනාගැනේ - මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 185 දක්වා ඉහළට

Tuesday, 07 April 2020 - 18:48

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A+-+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+185+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයින් 7 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද 185 දක්වා ඉහළ ගියා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව 137 දෙනෙකු මේ වනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි.

සුවය ලැබූ තවත් 4 දෙනෙකු අද දවසේදී රෝහලින් පිටව යාමත් සමඟ සුවය ලබා පිටව ගිය පිරිස 42 දක්වා ඉහළ ගියා.

එසේම තවත් පුද්ගලයින් 255 දෙනෙකු කොරෝනා යැයි සැක සහිතව දිවයින පුරා රෝහල් 32 ක ප්‍රතිකාර ලබන අතර, ඉන් 14 දෙනෙකු ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

එසේම, රාගම ශික්ෂණ රෝහලේ සැක සහිත පුද්ගලයින් 20 දෙනෙකුත්, ගම්පහ හා මීගමුව රෝහල්වල 24 දෙනා බැගිනුත්, ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.

අද වාර්තාවූ ආසාදිතයන් හත්දෙනාගෙන් තුන්දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තාවී තිබුණා.

තහවුරු කරන ලද කොරෝනා රෝගීන් 180 දෙනාගෙන් වැඩිම සංඛ්‍යාව වන 44 කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 31 දෙනෙකු ද කළුතර දිස්ත්‍රික්කයෙන් 26 දෙනෙකු ද වාර්තා වනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව ගාල්ල, කෑගල්ල, මඩකලපුව සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලින් දැනට වාර්තා වී ඇත්තේ එක් රෝගියෙකු බැගින්.

එසේම, බේරුවල වෙත්තිමරාජපුර ප්‍රදේශයේ දින 14කට වැඩි කාලයක් නිවසෙහි ස්වයං නිරෝධායනයට ලක්වූ පුද්ගලයෙකුට ඉන් දින 6කට පසු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඔහු පසුගිය මාර්තු මස 16 වන දා ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණ ඇති අතර, පොලීසියේ මැදිහත් වීමෙනුයි ඔහු ස්වයං නිරෝධායනයට ලක්වී ඇත්තේ.

කෙසේ වෙතත් ඊයේ දින සිදුකරන ලද පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි.

නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක්වූ මතුගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට ද පසුව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට මීට පෙර හෙළි වුණා.

අකුරැස්ස ප්‍රදේශයෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයා ගමන් කළ රථයේ රියදුරු ලෙස කටයුතු කළ ගාල්ල - හෝලුවාගොඩ ප්‍රදේශයේ පදිංචි වෑන් රථ රියදුරා අද කොරෝනා වෛරසය හඳුනාගැනීමේ මූලික පරීක්ෂණය සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඉදිරිපත් කළා.

කොවිඩ් 19 ආසාදිතයන් හත්දෙනෙකු වාර්තාවූ යාපනය දිස්ත්‍රික්කයේ අදාළ ප්‍රදේශ පූර්ණ විෂබීජහරණය කිරීමක්ද අද සිදු කෙරුණා.

මේ අතර කොරෝනා වැළදී අද IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ දෙහිවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා පසුගිය මස 24 වනදා දෙහිවල - නැදිමාල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගෙන තිබුණා.

පසුව එම රෝහල විෂබීජහරණය කර ඇති අතර, එදින එම රෝහලේ සේවය කළ කාර්ය මණ්ඩලයේ හත්දෙනෙකු වෙනත් ස්ථානයකදී නිරෝධායනයට ලක් කර ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් එම රෝහලෙන් ප්‍රතිකාර ලබාගත් වෛරසය ආසාදිත පුද්ගලයාද ජීවිතක්ෂයට පත්වූ පසුබිමක තවමත් එම පෞද්ගලික රෝහල වෙනත් රෝගීන් සඳහා විවෘත කර ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

කොරෝනා ව්‍යාප්තවීමේ අධි අවදානම නිසා මුළුමනින්ම වසාදැමූ බණ්ඩාරගම - අටළුගම, පුත්තලම - කඩයන්කුලම සහ මහනුවර - අකුරණ ගම්මානවල ආරක්ෂාව තවදුරටත් තර කර තිබෙනවා.

මේ අතර තිස්සමහාරාම - මහින්දපුර ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රියේ මියගිය පුද්ගලයෙකුගේ සහ රත්නෙළුම්වලයාය ප්‍රදේශයේ පදිංචිව සිට දෙබරවැව මූලික රෝහලේදී හදිසියේ මියගිය කාන්තාවකගේ සිරුරු කොරෝනා රෝගීන් ආදාහනය කරන ආකාරයට, සියලු නීතිරීතිවලට අනුකූලව කඩිනමින් ආදාහනය කරන ලෙස හම්බන්තොට අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරීවරයා නියෝග කර තිබුණා.

මියගිය මහින්දපුර ප්‍රදේශයේ පදිංචිකරුගේ පුත්‍රයා කොවිඞ් 19 රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් ඊයේ පෙරවරුවේ හම්බන්තොට රෝහල වෙත යොමුකළා.

එසේම පසුගිය දා මාලදිවයිනේ සිට පැමිණ ස්වයං නිරෝධායනයට ලක්වූ 28 හැවිරිදි ගර්භනී කාන්තාවක තම දරු ප්‍රසූතිය සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් වූ අවස්ථාවේ සැක සහිත කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කළ අතර, ඇයට කොරෝනා වැළදී නොමැති බව තහවුරු වී තිබෙනවා.

මේ අතර නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකරන පුද්ගලයින්ගේ නිරෝධායන කාලය දින දහ හතරේ සිට විසි එක දක්වා වැඩිකිරීමට අපේක්ෂා කරන බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

මේ අතර, හලාවත - ඉරණවිල ඇමරිකානු හඬ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය කොවිඩ් 19 ප්‍රතිකාර සිදුකරන රෝහලක් බවට පත් කිරීමෙන් අනතුරුව අද පස්වරුවේ විවෘත කෙරුණා.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදුකෙරුණු බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

එසේම විදේශිකයන්ට සියලුම වර්ගයේ වීසා නිකුත් කිරීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා තිබෙනවා.

එසේම මෙතෙක් දිවයිනට නොපැමිණි විදේශිකයන්ට නිකුත් කර ඇති වීසා අවලංගු වන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.  

එසේම ශ්‍රී ලංකාව කොවිඩ් 19 උවදුරෙන් බේරාගැනීමට දිවා රෑ වෙහෙසෙන වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුලු සියලු සෞඛ්‍ය සේවකයින් වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය හෘදයාංගම ස්තූතිය පුදකර තිබුණේ  ලෝක සෞඛ්‍ය දිනය යෙදී ඇති අද දිනයේ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.


මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සලකා බැලීම අවසන් - විභාගයට ගැනීමේ තීරණය හෙට පස්වරුවේ
Monday, 01 June 2020 - 17:21

ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින්... Read More

තවත් කොරෝනා ආසාදිතයෙක් - මුළු සංඛ්‍යාව 1634ක් දක්වා ඉහළට
Monday, 01 June 2020 - 17:09

අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත... Read More

ඩෙංගු මඩින්න ජනපතිගෙන් සහ අගමැතිගෙන් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස්
Monday, 01 June 2020 - 16:58

පවතින වර්ෂාව සහිත කාලගුණය පහව යාමෙන් අනතුරුව සිදුවිය හැකි... Read More