රෑ දවල් නොතකා ඇඳිරි නීතිය කැඩූ, ලොරිවල ගිය කාන්තාව දඹුල්ලේදී අල්ලයි (වීඩියෝ)

Wednesday, 08 April 2020 - 13:33

%E0%B6%BB%E0%B7%91+%E0%B6%AF%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%96%2C+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%BD+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඉතා අනාරක්ෂිත ලෙස ලොරිරථවල නැගී දිවා රාත්‍රී දෙකෙහිම නගරවල සැරිසරන ගැබිණි කාන්තාවක් පොලිසිය විසින් දඹුල්ල නගරයේ දී අල්ලා රෝහල්ගතකිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

මෙම කාන්තාව අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා ගමන්කරන ලොරිරථවල නැගී මෙලෙස විවිධ නගරවලට ගොස් ඇතිබවයි පොලිස් පරීක්ෂණවලදී  අනාවරණ වී ඇත්තේ.

අදාළ කාන්තාව මාර්ගයේ ගමන්කරමින් සිටියදී අත්අඩංගුවට ගත් පොලිසිය මහජන ආරක්ෂාව සඳහා 1990 ගිලන් රථයක් ගෙන්වා දඹුල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මේ අතර වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ තවත් කාන්තාවන් කණ්ඩායමක් මෙලෙස ලොරිරථවල නැගී ගමන්කරන බවයි.

එසේම අදාල කාන්තාවට හැඳුනුම්පතක් හෝ නොමැති බවත් ඇය කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවත් අනාවරණ වී තිබෙනවා.

පසුගියදිනක කන්තලේ ප්‍රදේශයෙන්ද මෙලෙස ලොරිරථවල නැගී ගමන්කරනා කාන්තාවක් අල්ලාගැනීමට පොලිසිය සමත්වූවා.



පොදු ප්‍රවාහනය ගැන පොලීසිය තවමත් නොසතුටින් - බස් සංගමයකින් තවත් යෝජනාවක්
Thursday, 28 May 2020 - 7:54

විවිධ නගරවල සිට අදත් දුම්රිය 31 ක් කොළඹ බලා ධාවනයට සැළසුම්... Read More

වඳවීමේ තර්ජනයට ලක්වී ඇති විල් මුවෙකු කරන්දෙණියෙන් සොයාගැනේ
Thursday, 28 May 2020 - 7:39

වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති මුවන් වර්ගයක් වන විල් මුවෙකු ගාල්ල... Read More

සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට බලයක් නැහැ - සමගි ජනබලවේගය කියයි
Thursday, 28 May 2020 - 7:34

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට හෝ තනතුරුවලින් ඉවත්කිරීමට... Read More