තවත් ආසාදිතයන් 3 ක් හඳුනාගැනේ - මෙරට කොරෝනා ආසාදිතයන් 188 දක්වා ඉහළට

Wednesday, 08 April 2020 - 16:18

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+3+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A+-+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+188+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් තුන්දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 188ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පුද්ගලයින් 140 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ 42ක් මේ වනවිට රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ.

මේ අතර කොරෝනා රෝගී තත්ත්වය හෙළි නොකර කටයුතු කිරීම හරහා සමාජයට රෝගය තවදුරටත් ව්‍යාප්තවීමේ අවදානම පවතින බවයි බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කළේ.

මේ අතර පසුගිය වසරේ අගෝස්තු මස ඉන්දියාවේ අග්‍රා නුවර කේන්ද්‍රීය හින්දි සන්ජ්ස්ථාන් අධ්‍යාපන ආයතනයේ ශිෂ්‍යත්ව සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 16 දෙනෙකු එහි නේවාසිකාගාරයේ තවදුරටත් රඳවා සිටිනවා.

ඔවුන් පවසන්නේ තමන්ට ආහාරපාන ලැබුණද, ඒවා පිළියෙල කිරීමට පැමිණෙන පුද්ගලයින් කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් භාවිත නොකරන බවයි.

මේ අතර කල්පිටිය ප්‍රදේශයේ පෞද්ගලික සමාගමකට අයත් කාමර 41කින් සමන්විත සුඛෝපභෝගි නිවාඩු නිකේතනයක් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට නාවික හමුදාවට අද භාර දෙනු ලැබුවා.

එමෙන්ම නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සඳහා ප්‍රතිකාර ලබාදිය හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරන මෙඩ්මේට් නම් ස්වයංක්‍රිය උපකරණයක් නාවික හමුදාව මගින් නිෂ්පාදනය කර තිබෙනවා.

එය අද දිනයේදී නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත භාරදීම සිදු කෙරුණා.



විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් යළි මව්බිමට ගෙන්වා ගැනීමේදී නව ක්‍රමවේදයක් (වීඩියෝ)
Thursday, 28 May 2020 - 9:52

මැද පෙරදිග ඇතුළු විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් යළි මව්බිමට... Read More

පොදු ප්‍රවාහනය ගැන පොලීසිය තවමත් නොසතුටින් - බස් සංගමයකින් තවත් යෝජනාවක්
Thursday, 28 May 2020 - 7:54

විවිධ නගරවල සිට අදත් දුම්රිය 31 ක් කොළඹ බලා ධාවනයට සැළසුම්... Read More

වඳවීමේ තර්ජනයට ලක්වී ඇති විල් මුවෙකු කරන්දෙණියෙන් සොයාගැනේ
Thursday, 28 May 2020 - 7:39

වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති මුවන් වර්ගයක් වන විල් මුවෙකු ගාල්ල... Read More