අදත් ‘‘රට වෙනුවෙන් හිරු’’ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල (වීඩියෝ)

Thursday, 09 April 2020 - 7:10

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E2%80%98%E2%80%98%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E2%80%99%E2%80%99+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%80%E0%B6%BD+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමඟ දැඩි දුෂ්කරතා මැද, සරණක් අවැසිව සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක ‘‘රට වෙනුවෙන් හිරු’’ සහන යාත්‍රා ක්‍රියාන්විතය කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් අද දිනයේත් ක්‍රියාත්මක වනවා.

මේ අතර, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් තවත් වැඩසටහන් කිහිපයක් ඊයේ පැවැත්වුණා.

රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය දියත් වන්නේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මතයි.

එහි ප්‍රධාන මෙහෙයුම් කටයුතු කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 35 සහ 37 මහල්වල පිහිටි හිරු මාධ්‍ය ජාල මූලස්ථානයේ සිට සිදු කෙරෙන අතර, සියලූ බෙදාහැරීම් සිදු කෙරෙන්නේ පැලවත්ත හිරු ලයිෆ් මැදිරි සංකීර්ණයේ සිටයි.

පන්සලේ, පල්ලියේ, කෝවිලේ, පුදබිමේ වැඩ සිටින අති පූජනීය මහා සංඝරත්නය ප්‍රධාන පූජකවරුන්ගේත්, ළමා නිවාසවල රැඳී සිටින දූ  දරුවන්ගේත්, වැඩිහිටි නිවාසවල තනි වූ වැඩිහිටියන්ගේත්  ඕනෑ එපාකම් සපුරාලීම වෙනුවෙන් මෙවර හිරු පෙරමුණ ගෙන සිටිනවා.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති වැඩිහිටියන් ඉන් ආරක්ෂා කර ගැනීම සඳහා හිරු මාධ්‍ය ජාලය ආරම්භ කළ වැඩිහිටි නිවාස විෂබීජහරණය කිරීමේ  තවත් අදියරක් කඳාන - මාපිය සෙවන වැඩිහිටි නිවාසය, බියගම සෙනෙහෙවතී මාත්ස් වැඩිහිටි නිවාසය සහ කැළණිය ෆ‍්‍රීඩම් හෝම් වැඩිහිටි නිවාසය කේන්ද්‍ර කර ගනිමින්  ඊයේ සිදුකෙරුණා.  

මෙම සම්පූර්ණ ක්‍රියාවලියම වෘත්තීමය සේවාවන් සපයන පුද්ගලයන් යොදාගෙන නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම උපයෝගී කර ගනිමින් ක්‍රියාත්මක වීම විශේෂත්වයක්. 077 303 59 30 දුරකතන අංකය ඇමතීමෙන් අවශ්‍යතාවය ඇති වැඩිහිටි නිවාස වෙත මෙම සේවාව සපයා ගත හැකියි.

එමෙන්ම, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව හිරු මාධ්‍ය ජාලය ශ්‍රී ලංකා රතු කුරුස සමාජය හා එක්ව ක්‍රියාත්මක කරන පොදු ස්ථාන විෂබීජහරණය කිරීමේ වැඩසටහන තවත් පුළුල් කරමින් ඊයේ කළුතර දිස්ත්‍රික්කයේ මොරොන්තුඩුව, බණ්ඩාරගම සහ මිල්ලනිය, අඟුරුවාතොට, වරකාගොඩ සහ තෙඹුවන යන පොලිස් ස්ථානවල විෂබීජහරණ කටයුතු සිදුකෙරුණා.

මේ අතර රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව හිරු මාධ්‍ය ජාලය ශ්‍රී ලංකා රතු කුරුස සමාජය හා එක්ව කොවිඞ් 19 වෛරසය මැඩපැවැත්වීම සඳහා කටයුතු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු ආරක්ෂිත ඇඳුම් සහ උපකරණ ලබාදීමේ වැඩසටහන ඊයේ දිනයේදීත්  ක්‍රියාත්මක වුණා. ඒ, කොළඹ ජාතික රෝහලේදී සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදියි.

ඔබේ ජීවිතය සහ ආරක්ෂාව අපේ වගකීමක්. මේ දුෂ්කර මොහොතේ අපි ඔබව තනි නොකර ඔබ වෙනුවෙන්ම කැපවන්නේ ඔබේ සුව සහනය වෙනුවෙන්මයි.






බඹර ප්‍රහාරයකින් වෙන්මෝර් වතුයායේ කම්කරුවන් 35 ක් රෝහලේ (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 17:43

ආගරපතන - වෙන්මෝර් වතුයායේ සේවය කරමින් සිටි වතු කම්කරුවන්... Read More

වැඩිවූ විදුලි බිල්පත් ගැන පංචපුද්ගල කමිටුවේ වාර්තාව ඇමතිට
Tuesday, 07 July 2020 - 17:34

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග පැනවූ ඇඳිරි නීතිය පැවති අප්‍රේල්... Read More

කටාර් රාජ්‍යයේදී එකම පවුලේ, මව පියා සහ දියණිය අමානුෂික ලෙස ඝාතනය කිරීමට හේතුව එළියට
Tuesday, 07 July 2020 - 17:14

කටාර් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ශ්‍රී ලාංකිකයෙකු විසින්ම... Read More