කොරෝනා අරමුදලට තවත් මිලියන 97ක්

Thursday, 09 April 2020 - 7:15

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+97%E0%B6%9A%E0%B7%8A
කොවිඩ් - 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 97 ක පරිත්‍යාගයක් ඊයේ ලබාදී තිබෙනවා.

ඒ අනුව එම අරමුදලේ ශේෂය රුපියල් මිලියන 517 ඉක්මවා ගොස් ඇති බවයි  ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අමාත්‍ය චමල් රාජපක්ෂ, තම අමාත්‍යාංශ යටතේ පවතින ආයතනවලින් ලබාදුන් රුපියල් මිලියන 29.5 ක්, අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් රෙජිස්ට්‍රාර්  ජෙනරාල් දෙපාර්තමේන්තුවෙන් පරිත්‍යාග කළ රුපියල් මිලියන 2.8 ක් සහ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන තමන්ගේ අප්‍රේල් මස වැටුප මෙලෙස ජනාධිපතිවරයා වෙත ලබාදී තිබෙනවා.

මීට අමතරව තවත් විවිධ ආයතන සහ සංවිධානවලින් ද රුපියල් මිලියන 25 ක මුදලක්ද මෙම අරමුදල වෙත ඊයේ පරිත්‍යාග කෙරුණා.

මේ අතර මෙරට සෞඛ්‍ය බලධාරීන් සහ රජයේ ප්‍රධානීන් කොරෝනා තත්ත්වය කළමනාකරණය කරන ආකාරය පිළිබඳව යුරෝපීය සංගමයේ නියෝජිතයින්ගේ ප්‍රසාදය පළවී තිබෙනවා. ඒ අත්‍යාවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ අවස්ථාවේදියි.

ඊට යුරෝපීය සංගමයට අයත් රටවල තානාපතිවරුන් ද එක්වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.


මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1635 දක්වා ඉහලට
Monday, 01 June 2020 - 17:52

තවත් කොරෝනා අසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන්... Read More

පියාගේ අභාවයෙන් පසු මුල්වරට හිරුට කතාකළ ජීවින් තොන්ඩමන්
Monday, 01 June 2020 - 17:50

ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව බෙහෙවින් ආදරය කළ දේශපාලඥයෙක් වූ ආරුමුගන්... Read More

මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සලකා බැලීම අවසන් - විභාගයට ගන්නවාද නැද්ද, තීරණය හෙට පස්වරුවේ
Monday, 01 June 2020 - 17:21

ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින්... Read More