ලොව පුරා කොරෝනා මරණ 88,000 ඉක්මවයි - ආසාදිතයන් ලක්ෂ 15 පනී

Thursday, 09 April 2020 - 7:25

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+88%2C000+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+15+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93
ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 88,403 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මුළු ආසාදිතයන් සංඛ්‍යාව 15 ලක්ෂ 13,243 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මෙම පිරිසෙන් තුන්ලක්ෂ 29,739 ක් සුවය ලබා තිබෙනවා.

නවතම වාර්තාවලට අනුව ඇමරිකාවද ඉක්මවා යමින් ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේ ස්පාඤ්ඤයෙන් නව මරණ 747ක් වාර්තාවූ අතර, ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 14,792ක්.

නව ආසාදිතයන් 6,278ක් සමඟ මුළු ආසාදිතයන් සංඛ්‍යාව එක්ලක්ෂ 48,220 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේත් ඇමරිකාවේ නව මරණ 1,895ක් වාර්තාවූ අතර, ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 14,736ක්.

එමෙන්ම නව ආසාදිතයන් 29,875ක් හමුවී ඇති අතර, ඒ අනුව මුළු ආසාදිතයන් සංඛ්‍යාව හාරලක්ෂ 30,210ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවන ඉතාලියෙන් ගතවූ පැය විසි හතර තුළ වාර්තාවන මරණ සංඛ්‍යාව 542ක්.

ඒ අනුව මුළු මරණ සංඛ්‍යාව 17,669ක් දක්වා ඉහළ ගිය අතර, නව ආසාදිතයන් හමුවී ඇත්තේ 3,836ක් පමණයි.

ඒ අනුව එරටින් වාර්තාවන මුළු ආසාදිතයන් සංඛ්‍යාව එක්ලක්ෂ 39,422 ක්.

ප්‍රංශයෙන් නව මරණ 541ක්  වාර්තාවී ඇති අතර, ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 10,869ක්.

නව ආසාදිතයන් 3,821ක් සමඟ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව එක්ලක්ෂ 12,950ක් දක්වා ඉහළ ගියා.

බ්‍රිතාන්‍යයෙන් නව මරණ 938 ක් වාර්තාවනවා.

ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 7,097ක් දක්වා ඉහළගොස් ඇති අතර, ආසාදිතයන් සංඛ්‍යාව 60,733ක්.

වෛරසයේ ආරම්භය වූ චීනයෙන් නව මරණ හෝ ආසාදිතයන් ඊයේ දිනයේ වාර්තාවී නැහැ. අසල්වැසි ඉන්දියාවෙන් නව මරණ 18ක් වාර්තාවී ඇති අතර, ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 178ක් දක්වා ඉහළ ගියා. නව ආසාදිතයන් 565ක් සමඟ එරටින් වාර්තාවන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 5,916ක්.

මේ අතර කොරොනා වෛරසයෙන් ආරක්ෂා වීමේ අරමුණින් අධි සාන්ද්‍ර මධ්‍යසාර පානය කළ ඉරානයේ පුද්ගලයින් 600 දෙනෙකු මියගොස් තවත් 3,000ක් රෝහල් ගතකර තිබෙනවා.

අධිසාන්ද්‍ර මධ්‍යසාර පානය කිරීමෙන් කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය වර්ධනය වන බවට පළවූ මිත්‍යා මතයක් හේතුවෙනුයි මොවුන් මෙම මධ්‍යසාර පානය කර ඇත්තේ.

එම අසත්‍ය ප්‍රචාර පතුරුවනු ලැබූ පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඉරානයෙන් කොරෝනා මරණ 3,993ක් වාර්තාවන අතර, වෛරසය ආසාදිත මුළු සංඛ්‍යාව 64,586ක්.


දිනෙන් දින අභාවයට යන දකුණු ලකේ කිතුල් කර්මාන්තය (වීඩියෝ)
Sunday, 07 June 2020 - 13:39

අතරමැදි වෙළෙන්දන්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් නිසාත්, හඳුනානොගත්... Read More

මහියංගණයේ ගම්මාන රැසක ජනතාවට වන අලින්ගෙන් බලපෑම් (වීඩියෝ)
Sunday, 07 June 2020 - 13:33

වවන්නෝ දිනන්නෝ කියලා කිව්වාට, වන අලීන්ගේ ආක්‍රමණයන් හේතුවෙන්... Read More

තවත් කොරෝනා ආසාදිතයින් 50ක් සුවය ලබයි
Sunday, 07 June 2020 - 13:09

ආසාදිතයින් 50 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග මෙරටදී කොරෝනා... Read More