ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාව නගර වෙත පැමිණීමේ අඩුවක්

Thursday, 09 April 2020 - 12:35

%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ඇඳිරි නීතිය ලිහිල් කෙරුණු ප්‍රදේශවල ජනතාව නගර වෙත පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි ප්‍රදේශ රැසක හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

කෙසේ වෙතත් ඖෂධ අලෙවිසැල් අසළ දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස්බල ප්‍රදේශ හැර අනෙකුත් දිස්ත්‍රික්කවලට පැනවූ ඇඳිරි නීතිය පැය 10ක කාලයක් සඳහා අද උදෑසන 6ට ඉවත් කෙරුණා. මෙලෙස ඉවත් කෙරෙන ඇඳිරි නීතිය යළි පස්වරු හතරට පනවන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

රත්නපුර ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් දෙදෙනෙකු ඊයේ වාර්තාවීමත් සමඟ එහි පවුල් 23 කට අයත් පුද්ගලයින් 67 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකළ බවයි යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.

එමෙන්ම වැඩිම ජනතාවක් සිටින රත්නපුර - මුද්දුව සහ හතමුව ප්‍රදේශවල ආරක්ෂාව ද දැඩි කර තිබෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම්දෙන තුරු වසා දමා තිබුණද ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ අද දිනයේත් මග දෙපස වෙළඳුන් එළවළු අලෙවි කරන ආකාරයක් දක්නට ලැබෙනවා.

මේ හේතුවෙන් දඹුල්ල - කණ්ඩලම ප්‍රධාන මාර්ගය, ගලේවෙල - දඹුල්ල ප්‍රධාන මාර්ගය, හබරණ - දඹුල්ල ප්‍රධාන මාර්ගය සහ අනුරාධපුර - දඹුල්ල ප්‍රධාන මාර්ගය ඇතුලූ මාර්ග රැසක් අවහිරව පවතින බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු කාංචන කුමාර ආරියදාස කියා සිටියේ.

මේ අතර, වැලිමඩ - කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානය ද මේ වනවිට වසා දමා ඇති අතර ඊට එළවළු රැගෙන පැමිණි වෙළදුන් මාර්ගය දෙපස තබා ඒවා අලෙවි කිරීමට කටයුතු කරමින් සිටින බව නුවරඑළිය හිරු වාර්තාකරු විජේසිරි සමරසේකර කියා සිටියා.

එමෙන්ම ඇඳිරි නීතිය පනවනු ලැබූ පසුගිය 20 වනදා සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 19,441 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස්  භාරයට ගනු ලැබූ මුළු වාහන සංඛ්‍යාව 5,082 ක්.

 මේ අතර කොරෝනා ව්‍යාප්තිය පැතිර යාම වැළැක්වීම යටතේ රජය ගෙන යන වැඩපිළිවෙල සමඟ විදුලි බිල්පත් ගෙවීම සඳහා ලබාදී තිබූ සහන කාලය ලබන 30 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට ඊයේ උපදෙස් ලබාදෙමින් සඳහන් කර ඇත්තේ රට තුළ පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් පසුගිය පෙබරවාරි මාසයේ සිට පාරිභෝගිකයින්ට විදුලි බිල්පත් ගෙවීමට නොහැකිවී ඇති බවයි.

එම නිසා බිල්පත් ගෙවීමට නොහැකි වුවද විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවයි විදුලිබල අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

එමෙන්ම කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආදායම් මාර්ගයක් නොමැතිව සිටින පෞද්ගලික බස් රථ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට රුපියල් පන්දහසක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාව නගර වෙත පැමිණීමේ අඩුවක්

ඇඳිරි නීතිය ලිහිල් කෙරුණු ප්‍රදේශවල ජනතාව නගර වෙත පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි ප්‍රදේශ රැසක හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

කෙසේ වෙතත් ඖෂධ අලෙවිසැල් අසළ දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස්බල ප්‍රදේශ හැර අනෙකුත් දිස්ත්‍රික්කවලට පැනවූ ඇඳිරි නීතිය පැය 10ක කාලයක් සඳහා අද උදෑසන 6ට ඉවත් කෙරුණා. මෙලෙස ඉවත් කෙරෙන ඇඳිරි නීතිය යළි පස්වරු හතරට පනවන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

රත්නපුර ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් දෙදෙනෙකු ඊයේ වාර්තාවීමත් සමඟ එහි පවුල් 23 කට අයත් පුද්ගලයින් 67 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකළ බවයි යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.

එමෙන්ම වැඩිම ජනතාවක් සිටින රත්නපුර - මුද්දුව සහ හතමුව ප්‍රදේශවල ආරක්ෂාව ද දැඩි කර තිබෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම්දෙන තුරු වසා දමා තිබුණද ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ අද දිනයේත් මග දෙපස වෙළඳුන් එළවළු අලෙවි කරන ආකාරයක් දක්නට ලැබෙනවා.

මේ හේතුවෙන් දඹුල්ල - කණ්ඩලම ප්‍රධාන මාර්ගය, ගලේවෙල - දඹුල්ල ප්‍රධාන මාර්ගය, හබරණ - දඹුල්ල ප්‍රධාන මාර්ගය සහ අනුරාධපුර - දඹුල්ල ප්‍රධාන මාර්ගය ඇතුලූ මාර්ග රැසක් අවහිරව පවතින බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු කාංචන කුමාර ආරියදාස කියා සිටියේ.

මේ අතර, වැලිමඩ - කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානය ද මේ වනවිට වසා දමා ඇති අතර ඊට එළවළු රැගෙන පැමිණි වෙළදුන් මාර්ගය දෙපස තබා ඒවා අලෙවි කිරීමට කටයුතු කරමින් සිටින බව නුවරඑළිය හිරු වාර්තාකරු විජේසිරි සමරසේකර කියා සිටියා.

එමෙන්ම ඇඳිරි නීතිය පනවනු ලැබූ පසුගිය 20 වනදා සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 19,441 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස්  භාරයට ගනු ලැබූ මුළු වාහන සංඛ්‍යාව 5,082 ක්.

 මේ අතර කොරෝනා ව්‍යාප්තිය පැතිර යාම වැළැක්වීම යටතේ රජය ගෙන යන වැඩපිළිවෙල සමඟ විදුලි බිල්පත් ගෙවීම සඳහා ලබාදී තිබූ සහන කාලය ලබන 30 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට ඊයේ උපදෙස් ලබාදෙමින් සඳහන් කර ඇත්තේ රට තුළ පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් පසුගිය පෙබරවාරි මාසයේ සිට පාරිභෝගිකයින්ට විදුලි බිල්පත් ගෙවීමට නොහැකිවී ඇති බවයි.

එම නිසා බිල්පත් ගෙවීමට නොහැකි වුවද විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවයි විදුලිබල අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

එමෙන්ම කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආදායම් මාර්ගයක් නොමැතිව සිටින පෞද්ගලික බස් රථ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට රුපියල් පන්දහසක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.


කොවිඩ් 19 වෛරසයට එරෙහි චීන එන්නත බ්‍රිතාන්‍යයේදීත් අත්හදාබැලීමේ සූදානමක්
Sunday, 31 May 2020 - 11:06

කොවිඩ් 19 වෛරසයට එරෙහිව තමන් නිපදවූ එන්නත සාර්ථක වීමේ සියයට... Read More

මරණ තර්ජන සිද්ධියකට පොලිස් සැරයන්වරයෙකු ඇතුලූ සිව්දෙනෙකු අත්අඩංගුවට
Sunday, 31 May 2020 - 11:02

පුද්ගලයෙකුට මරණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හම්බන්තොට... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Sunday, 31 May 2020 - 10:37

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More