මියගිය හත්වැන්නාගේ දේහය ආදාහනය කෙරේ - රත්නපුරයේ 67ක් දියතලාවට -

Thursday, 09 April 2020 - 12:41

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+-+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+67%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+-
කොරෝනා වෛරසය ආසාදනය වී ජීවිතක්ෂයට පත්වූ හත්වැන්නාගේ දේහය ආදාහනය කිරීම අද පෙරවරු 11.30 ට පමණ කොටිකාවත්ත - මුල්ලේරියාව - උඩුමුල්ල ආදාහනාගාරයේදී සිදු කෙරුණා.

ඒ, පවුලේ ඥාතීන් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන්, ජාත්‍යන්තර නිරෝධායන නීතිරීතිවලට අනුකූලවයි. අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ 44 හැවිරිදි ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මැණික් ව්‍යාපාරිකයෙක්.

අද දිනයේ මේ දක්වා අලූතින් ආසාදිතයෙකු වාර්තාවී නොමැති අතර, මෙතෙක් වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 189 ක්.

මේ අතර කන්දකාඩු මධ්‍යස්ථානයේදී නිරෝධායනයට ලක්වූ තවත් 37 දෙනෙකු අද නිවෙස් වෙත පිටත් කර හැරියා.

මොවුන් සියලූදෙනා පීසීආර්. පරීක්ෂණයකට ලක් කර ඇති අතර, නිරෝධායන මධ්‍යස්ථානයකින් පිටත්වීමට පෙර පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කළ පළමු කණ්ඩායම මෙම පිරිස වනවා.

මේ අතර කොරෝනා රෝග ලක්ෂණ යැයි සැක පිට බූස්ස සිර කඳවුරේ රැඳවියන් දෙදෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඊයේ පස්වරුවේ ඇතුළත් කර තිබෙනවා.

රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කමල් කොඩිකාර මොවුන් දෙදෙනා මාතර සහ කළුතර ප්‍රදේශවලින් බූස්ස සිරකඳවුරට පසුගියදා රැගෙන ආ රැඳවියන් බවයි.

මාතර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා දකුණු කොරියාවේ සිට පැමිණි අයෙකු සමඟ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පෙර සාදයකට සහභාගි වී තිබෙනවා.

මෙම රැඳවියන් දෙදෙනා පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කර ඇති අතර, එහි ප්‍රථිඵල අද දහවල් ලැබීමට නියමිත බවයි රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කමල් කොඩිකාර වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර ගල්කිස්ස - සේරම් පාර පිහිටි අවන්හලක වාහන අංගනයක් තුළ තිබී සොයාගත් නාඳුනන මළ සිරුර නිරෝධායන රෙගුලාසිවලට අනුව විෂබීජහරණය කර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

අවන්හලේ තිබියදි මෙම මළ සිරුර සොයාගනු ලැබුවේ ඊයේ උදෑසනයි.

මෙම පුද්ගලයා මීට දින කිහිපයකට පමණ පෙර මියගොස් ඇති බවට සැක කෙරෙන අතර, මරණකරු කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

එමෙන්ම වැලිගම මුහුදේ පාවෙමින් තිබී ඊයේ හමුවූ මළ සිරුරේ අනන්‍යතාව මේ දක්වා තහවුරු කරගෙන නැහැ.

අවුරුදු 67 ත් 70 ත් වයස් කාණ්ඩයේ පසුවන පුද්ගලයෙකුගේ බවට සැක කරන මෙම මළ සිරුර මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

ගුවන්තොටුපලවල සිරවූ ශ්‍රී ලාංකිකයින් 33ක් ගෙන්වීමට පියවර.

මෙරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය සතුව පවතින පී.සී.ආර් යන්ත්‍ර 51 ක් කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ සඳහා යොදාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඒ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

මෙහිදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ විදේශයන්හි ගුවන් තොටුපල 13 ක සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් 33 දෙනෙකු දිවයිනට ගෙන්වා ගැනීමට රජය තීරණය කර ඇති බවයි.



විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් යළි මව්බිමට ගෙන්වා ගැනීමේදී නව ක්‍රමවේදයක් (වීඩියෝ)
Thursday, 28 May 2020 - 9:52

මැද පෙරදිග ඇතුළු විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් යළි මව්බිමට... Read More

පොදු ප්‍රවාහනය ගැන පොලීසිය තවමත් නොසතුටින් - බස් සංගමයකින් තවත් යෝජනාවක්
Thursday, 28 May 2020 - 7:54

විවිධ නගරවල සිට අදත් දුම්රිය 31 ක් කොළඹ බලා ධාවනයට සැළසුම්... Read More

වඳවීමේ තර්ජනයට ලක්වී ඇති විල් මුවෙකු කරන්දෙණියෙන් සොයාගැනේ
Thursday, 28 May 2020 - 7:39

වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති මුවන් වර්ගයක් වන විල් මුවෙකු ගාල්ල... Read More