කොරෝනා නිසා ලොව මිලියන 500 ක් දුප්පතුන් විය හැකි බවට අනතුරු ඇඟවීමක්

Thursday, 09 April 2020 - 12:43

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+500+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වසංගතය හේතුවෙන් ලොව පුරා රටවල මිලියන 500 කට අධික ජනතාවක් දරිද්‍රතාවයෙන් පෙළිය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

එම සංවිධානය ප්‍රකාශ කළේ වසර 30 කට පසු ලොව රටවල් මූල්‍යමය වශයෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්වන පළමු අවස්ථාව මෙය බවයි.

එමෙන්ම ඉදිරි සතියේදී ලෝක බැංකුව ලොව රටවල ආර්ථිකය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජී විස්ස සමුළුවට අයත් රටවල නායකයින් රැසක් සමඟ සාකච්ඡා කිරීමටද නියමිතයි.

ලොව පුරා කොරෝනා මරණ 88,505ක් දක්වා ඉහල ගොස් ඇති අතර ආසාදිතයන් සංඛ්‍යාව 15 ලක්ෂ 18,773ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර, දකුණු කොරියාවේ අඩුම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද වාර්තාවුණා.

එම සංඛ්‍යාව 39 ක්. පසුගිය පෙබරවාරි 29 වනදා එරට එක්දිනකදි වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබූ අතර එය සටහන් වූයේ 909 ක්.

අද දිනයේදි කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් හතරදෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව එරටින් ආසාදිතයන් 10,423 ක් වාර්තා වන අතර මියගිය සංඛ්‍යාව 204 ක්.

එසේම,  ඕස්ට්‍රේලියාවේ නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඞ්නි වරායට ඇතුලූවීමට ඉඩ ලබාදුන් රූබි ප්‍රින්සස් මගී නෞකාව සම්බන්ධයෙන් එරට පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ එම නෞකාවෙන් පිටව ගිය මගීන් 2700 ක් අතරින් 15 දෙනෙකු මියගොස් 600 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය රෝහල් ගතකර ඇති බවට වාර්තාවීමත් සමඟයි.

මගී නෞකා  ඕස්ට්‍රේලියාවට ඇතුලූ කරගැනීම තහනම් කර තිබියදීත් මෙම නෞකාව පසුගිය මස 19 වනදා සිඞ්නි වරායට ඇතුලූවූයේ කෙලෙසද යන්න සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පරීක්ෂණයක්ද ක්‍රියාත්මකයි.

රූබි ප්‍රින්සස් නෞකාවේ කළු පෙට්ටිය හෙවත් දත්ත ගබඩාවද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ වනවිට  ඕස්ට්‍රේලියාවේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් 50 දෙනෙකු මියගොස් ඇති අතර, වාර්තාවන රෝගීන් සංඛ්‍යාව 6,052 ක්.

මේ අතර නැගෙනහිර ටිමෝරයේ අගමැති තාවූර් මතාන් රුවාක් තම ඉල්ලා අස්වීමේ තීරණය ඉවත් කරගෙන තිබෙනවා.

ඒ, රට තුළ මේ වනවිට ව්‍යාප්තවෙමින් පවතින කොරෝනා වසංගතය මැඩපැවැත්වීම සඳහා රජයට තවදුරටත් සහයෝගය ලබාදීමට අවශ්‍ය බව පවසමින්. පසුගිය ජනවාරි මස ඔහු කියා සිටියේ අයවැය යෝජනාව පරාජයට පත්වීම හේතුවෙන් තමන් ඉල්ලා අස්වන බවයි.


කොවිඩ් 19 වෛරසයට එරෙහි චීන එන්නත බ්‍රිතාන්‍යයේදීත් අත්හදාබැලීමේ සූදානමක්
Sunday, 31 May 2020 - 11:06

කොවිඩ් 19 වෛරසයට එරෙහිව තමන් නිපදවූ එන්නත සාර්ථක වීමේ සියයට... Read More

පොරවකින් පහර දී පියා ඝාතනය කළ පුතා සොයා පොලිස් මෙහෙයුම් (වීඩියෝ)
Sunday, 31 May 2020 - 11:03

පොරවකින් පහරදී තම පියා ඝාතනය කර පළාගොස් ඇති පුත්‍රයෙකු සොයා... Read More

මරණ තර්ජන සිද්ධියකට පොලිස් සැරයන්වරයෙකු ඇතුලූ සිව්දෙනෙකු අත්අඩංගුවට
Sunday, 31 May 2020 - 11:02

පුද්ගලයෙකුට මරණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හම්බන්තොට... Read More