රත්මල්යායේ කොරෝනා ආසාදිතයා සමග අවමගුලකට එක්වූ 39 දෙනෙකු සොයා මෙහෙයුමක්

Thursday, 09 April 2020 - 16:56

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%85%E0%B7%80%E0%B6%B8%E0%B6%9C%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+39+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පුත්තලම - රත්මල් යාය ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිතයා සමග අවමංගල්‍ය උත්සවයකට එක්වූ පුද්ගලයින් 39 දෙනෙකු සොයා ආරක්ෂක අංශය විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

පුත්තලම මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්.සුරේෂ් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පසුගියදා මෙම ආසාදිතයා පුද්ගලයින් 50 දෙනෙකු සමග මන්නාරම ප්‍රදේශයේ අදාළ අවමංගල්‍ය උත්සවයට සහභාගි වී ඇති බවයි.

ඔවුන්ගෙන් 11 දෙනෙකු මේ වනවිට සොයා ගෙන ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

සැඟව සිටින අනෙක් 39 දෙනා සොයා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

රත්මල්යාය ප්‍රදේශයෙන් හමුවූ මෙම කොරෝනා ආසාදිතයා ඉන්දුනීසියාවේ - ආගමික කටයුත්තකට සහභාගි වී යළි දිවයිනට පැමිණ තිබෙනවා.


පළගැටි උවදුර තවදුරටත් පැතිරේ
Monday, 01 June 2020 - 19:14

කුරුණෑගල - මාවතගමින් පසුගිය දා වාර්තා වූ පළගැටි විශේෂය එහි... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1639 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 19:06

තවත් කොරෝනා ආසාදිතයන් 4 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

මැතිවරණ දිනය ගැන මැ.කො.ස. ගෙන් ඉඟියක්
Monday, 01 June 2020 - 18:56

ඡන්ද විමසීම පැවැත්වීමට සුදුසු දිනය නියම කිරීම පිළිබඳව නෛතික... Read More