ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම අවශ්‍ය නැහැ - ජනපති ලේකම්ගෙන්, මැතිවරණ කොමිසමට පිළිතුරු - (වීඩියෝ )

Thursday, 09 April 2020 - 17:04

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+-+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%29
පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමේ අවශ්‍යතාවයක් නොමැති බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබෙනවා.

ඒ මීට පෙර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියකට පිළිතුරු යොමු කරමින්.

පවතින තත්ත්වය මත මහ මැතිවරණය පැවැත්වීම සහ යළි පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් ගැටලූ පවතින බැවින් ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම සුදුසු බව මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාට දැනුම්දී තිබුණේ පසුගිය අප්‍රේල් 2 වනදායි.

එම ලිපියේ දැක්වෙන්නේ ජනාධිපතිවරයාට ලැබී ඇති උපදෙස් අනුව මැයි මස 28 වන දින හෝ ඊට පෙර මැතිවරණය පැවැත්වීමට නොහැකි බව ප්‍රකාශ කිරීම මෙම අවස්ථාවේ සිදුකළ නොහැකි බවයි.

ඡන්ද විමසීමේ දිනය නියම කිරීම මැතිවරණ කොමිසමේමේ වගකීමක් වන අතර මැතිවරණ කොමිසමේ කාර්යයන්ට සහ වගකීම්වලට මැදිහත්වීමට ජනාධිපතිවරයා අපේක්ෂා නොකරන බව ද එහි සඳහන්.

කල් දැමුනු ඡන්ද විමසීම පිළිබඳ නිවේදනය කිරීමේ කාල සීමාව පාර්ලිමේන්තු මැතිවරණ පනතේ විධිවිධාන අනුව දින 14කට නොඅඩු කාලයක් තුල පැවැත්විය හැකි බව ද ජනපති ලේකම්වරයා සිය ලිපිය මගින් පෙන්වාදී තිබෙනවා.




මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1635 දක්වා ඉහලට
Monday, 01 June 2020 - 17:52

තවත් කොරෝනා අසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන්... Read More

පියාගේ අභාවයෙන් පසු මුල්වරට හිරුට කතාකළ ජීවින් තොන්ඩමන්
Monday, 01 June 2020 - 17:50

ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව බෙහෙවින් ආදරය කළ දේශපාලඥයෙක් වූ ආරුමුගන්... Read More

මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සලකා බැලීම අවසන් - විභාගයට ගන්නවාද නැද්ද, තීරණය හෙට පස්වරුවේ
Monday, 01 June 2020 - 17:21

ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින්... Read More