කොරෝනා ආසාදිතයින් 190ක් - දිස්ත්‍රික්ක පැන්නොත් සති දෙකක් නිරෝධායනයේ - (වීඩියෝ )

Thursday, 09 April 2020 - 17:36

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+190%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+-+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%29
බේරුවල ප්‍රදේශයෙන් රෝගියෙකු හමුවීමත් සමඟ මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 190 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අනුව බේරුවල ප්‍රදේශයෙන් සොයා ගැනුණු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙතෙක් හමුවූ රෝගීන්ගෙන් බහුතරයක් විදේශ රටවලින් පැමිණි පුද්ගලයින් ඇසුරු කළ අය බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළේ.

මෙරටදී කොරෝනා ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 49 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඊයේ පෙරවරු දහයේ සිට ගෙවුණු පැය 24 තුළ සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 05ක්.

තවදුරටත් රෝගීන් 134 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර, ඊයේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී ජීවිතක්ෂයට පත්වූ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි මැණික් ව්‍යාපාරිකයාගේ ආදාහන කටයුතු අද සිදුකෙරුණා.

ඒ, නිරෝධායන නීතිරීතිවලට අනුකූලව කොටිකාවත්ත - මුල්ලේරියාව ආදාහනාගාරයේදීයි.

එම අවස්ථාවට පවුලේ ඥාතීන් කිහිපදෙනෙකු එක්ව සිටි අතර, සෞඛ්‍ය අංශ මඟ හැරි බවට ඔහුට චෝදනා එල්ල වුණා.

මේ අතර, නිරෝධානයනය වන ලෙස ලබාදුන් උපදෙස් උල්ලංඝනය කළ ජාඇල - සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 28 දෙනෙකු අද නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

නාවික හමුදා බුද්ධි අංශය සිදුකළ මෙහෙයුමකදී මෙම පුද්ගලයින් සොයාගෙන ඇති අතර, ඔවුන් අම්පාර - ඔලූවිල් නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකිරීමටයි නියමිතව ඇත්තේ.

පසුගියදා ජාඇල - සුදුවැල්ල ප්‍රදේශයේ කුලී රථ රියදුරෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වීමත් සමඟයි ඔහු සමීපව ඇසුරු කළ පුද්ගලයින්ට නිරෝධායනය වන ලෙස උපදෙස් ලබාදී තිබුණේ.

මේ අතර, පුත්තලම - රත්මල්යාය ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිතයා සමග අවමංගල්‍ය උත්සවයකට එක්වූ පුද්ගලයින් 39 දෙනෙකු සොයා ආරක්ෂක අංශය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

පුත්තලම මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්.සුරේෂ් සඳහන් කළේ පසුගියදා මෙම ආසාදිතයා පුද්ගලයින් 50 දෙනෙකු සමඟ මන්නාරම - තාරපුරම් ප්‍රදේශයේ අදාළ අවමංගල්‍ය උත්සවයට සහභාගි වී ඇති බවයි.

ඔවුන්ගෙන් 11 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා. රත්මල්යාය ප්‍රදේශයෙන් හමුවූ මෙම කොරෝනා ආසාදිතයා පසුගියදා දිවයිනට පැමිණ තිබුණේ ඉන්දුනීසියාවේ - ආගමික කටයුත්තකට සහභාගි වීමෙන් අනතුරුවයි.

ඔහු, මන්නාරම - තාරාපුරම් ගම්මානයේ අවමංගල්‍යය උත්සවයට සහභාගි වීම හේතුවෙන් පුද්ගලයින් 4600ක් පමණ වෙසෙන ගම්මානයද මේ වනවිට හුදෙකලා කර තිබෙනවා.

අවමංගල්‍යය උත්සවයට සහභාගි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් කාදර් මස්තාන්ද ස්වයං නිරෝධායනයට යොමු කිරීමටයි පියවර ගැනුණේ.

එමෙන්ම, කන්දකාඩු මධ්‍යස්ථානයේදී නිරෝධායනයට ලක්වූ තවත් 37 දෙනෙකු අද නිවෙස් වෙත පිටත් කර හැරියා. මොවුන් සියලූදෙනා පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර ඇති අතර, නිරෝධායන මධ්‍යස්ථානයකින් පිටත්වීමට පෙර පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කළ පළමු කණ්ඩායම මෙම පිරිස වනවා.



පොදු ප්‍රවාහනය ගැන පොලීසිය තවමත් නොසතුටින් - බස් සංගමයකින් තවත් යෝජනාවක්
Thursday, 28 May 2020 - 7:54

විවිධ නගරවල සිට අදත් දුම්රිය 31 ක් කොළඹ බලා ධාවනයට සැළසුම්... Read More

වඳවීමේ තර්ජනයට ලක්වී ඇති විල් මුවෙකු කරන්දෙණියෙන් සොයාගැනේ
Thursday, 28 May 2020 - 7:39

වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති මුවන් වර්ගයක් වන විල් මුවෙකු ගාල්ල... Read More

සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට බලයක් නැහැ - සමගි ජනබලවේගය කියයි
Thursday, 28 May 2020 - 7:34

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට හෝ තනතුරුවලින් ඉවත්කිරීමට... Read More