ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිත මරණ 90000 ඉක්මවයි

Thursday, 09 April 2020 - 21:06

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+90000+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 90000 ඉක්මවා තිබෙනවා.

මේවන විට වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 90086ක්.

ලොවපුරා වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 1541538ක්.

රෝගීන් 342272ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ප්‍රතිකාර ලබන පුද්ගලයන් අතරින් 48509ක් බරපතල තත්වයේ පසුවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අද වනවිට වෛරසය රටවල් සහ කලාප 200කට අධික ප්‍රමාණයකට පැතිර ඇති අතර, වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 15කට අධිකයි.

මේ අතර, තම රට තුළ කොවිඩ් 19 ව්‍යාප්තියේ දෙවන රැල්ලක් මතුවීමේ අවධානමක් ඇති බව චීන ජනාධිපති ෂී ජින්පින්ග් අනතුරු අඟවනවා.

වැඩිම කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාවක් මේ වනවිට ඇමරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 435,160ක්.

ඒ අතරින් ආසාදිතයන් 31,935ක් වාර්තා වූයේ ගතවූ පැය 24 තුළයි.

එම කාලය තුළ ඇමරිකාවෙන් නව මරණ 1940ක් වාර්තාවීමත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 14,792 දක්වා ඉහළ ගියා.

යුරෝපයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් මේ වනවිට ස්පාඤ්ඤයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 148,220ක් දක්වා ඉහළ ගියේ ගතවූ පැය 24 තුළ නව  ආසාදිතයන් 6278ක් හමුවීමත් සමඟයි.

ස්පාඤ්ඤයේ පුද්ගල මරණ 14,792ක් මේ වනවිට වාර්තා වන අතර, ගතවූ පැය 24 තුළ එරටින් පුද්ගල මරණ 747ක් වාර්තා වුණා.


පාසල් ආරම්භ කරන දිනයේම පිරිවෙන් ආරම්භ කිරීමේ තීරණයක්
Thursday, 04 June 2020 - 14:35

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු පිරිවෙන්, සෞඛ්‍ය... Read More

කොරෝනා නිසා විදේශීය යුවළක් ශ්‍රී ලංකාවේදී සැමරූ අමතක නොවන උපන්දිනය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 14:01

ආගන්තුක සත්කාර දන්නා, කරුණාවන්ත හදවත් ඇත්තන් සිටින රටක් ලෙස... Read More

සෞඛ්‍ය උපදෙස්වලට ගරු කර නිවසටම වී පොසොන් ආගමික වතාවත්වල නියැලෙන්නැයි මහා සංඝරත්නය ඉල්ලයි (වීඩියෝ)
Thursday, 04 June 2020 - 13:54

සෞඛ්‍ය අංශ සහ රජය විසින් ලබාදී ඇති උපදෙස්වලට ගරු කරමින් නිවසටම... Read More