කුරුණෑගල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය තාවකාලිකව වසා දැමේ

Friday, 10 April 2020 - 7:58

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%9A
කොරෝනා වෛරසය ආසාදනය වූ එක් පුද්ගලයෙකු පමණක් ඊයේ දිනයේදී වාර්තා වූ අතර, මේ වනවිට වෛරසය ආසාදනය වූ මුළු සංඛ්‍යාව 190ක් වන බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඊයේ දිනයේදී බේරුවල ප්‍රදේශයෙන් රෝගියෙකු හමුවූ අතර, එම ප්‍රදේශයෙන් සොයා ගැනුණු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 15ක්.

මෙරටදී කොරෝනා ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාවද ඊයේ දිනය වනවිට 49 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, ඇඳිරි නීති බලපත්‍ර භාවිත කරමින් ඉදිරි දින කිහිපයේදී වෙනත් අවශ්‍යතාවයන් සඳහා මාර්ගවල ගමන් කිරීම සිදුනොකළ යුතු බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

එසේ වුවහොත් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවටද ඔහු ප්‍රකාශ කළා.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණි රෝගියෙකුගෙන් කොරෝනා වෛරස ආසාදන තත්ත්වයක් පෙන්නුම් කිරීම නිසා ඔහුට මූලික ප්‍රතිකාර කළ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය තාවකාලිකව වසා දමා තිබෙනවා.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊයේ පස්වරුවේ වසා දැමුණු හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය විෂබීජහරණය කිරීමටද පියවර ගත් බවයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මීට පෙර කොරෝනා ආසාදිතයෙකු හමුවූ කටුපොත ප්‍රදේශයට ආසන්න ප්‍රදේශයක් වන සියඹලාගස්කොටුව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඊයේ රෝහලට ඇතුළත් වී ඇත්තේ.

මේ අතර, කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා බවට සැක කෙරෙන රෝගීන් ප්‍රතිකාර ලබන 36 වන වාට්ටුවට ඇතුළත් කර සිටි බූස්ස බන්ධනාගාරයේ රැදවියන් දෙදෙනෙකු අතරින් එක් අයෙකු ඊයේ පස්වරුවේ පළා ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, පළා ගිය රැදවියාට සහ ප්‍රතිකාර ලබන අනෙක් රැදවියාට කොරෝනා වෛරසය වැලදී නොමැති බව පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා.

ඒ බව රෝහල් බලධාරීන් දැනුම් දී ඇති බවයි කරාපිටිය රෝහල් පොලීසිය සඳහන් කළේ.

පෙරේදා දිනයේ රෝහලට ඇතුළත් කර ඇති මෙම රැදවියන් දෙදෙනාගෙන් පළා ගිය රැදවියා දෙවිනුවර - මහවත්ත ප්‍රදේශයේ 30 හැවිරිදි අයෙක්.


ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More

කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ට නවාතැන් දෙන්න එරට වැඩබලන තානාපතිට උපදෙස් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:15

විදේශ ශ්‍රමිකයන් පිරිසක් රැගෙන කටාර්හි සිට අද මෙරටට පැමිණීමට... Read More

සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් - සිල්ලර ව්‍යාපාරික සංගමයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:49

මෙරට සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් බවත්... Read More