මහ සිකුරාදා දිනය අදයි

Friday, 10 April 2020 - 8:47

%E0%B6%B8%E0%B7%84+%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහ සිකුරාදා දිනය අදට යෙදී තිබෙනවා.

අළු බදාදා දිනයෙන් ආරම්භ වූ චතාරික සමය තුළ ලොව පුරා කිතුනු බැතිමතුන් යැදුම්, උපවාස, පුන්‍ය ක්‍රියා සිදුකරමින් එය භක්තියෙන් මෙනෙහි කරනු ලබනවා.

කුරුසිය මත ජීවිතය පූජා කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සලකුණු කරන පාස්කු ඉරිදා දිනය යෙදී ඇත්තේ ලබන 12 වන දාටයි.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් ලොව පුරා මිලියන සංඛ්‍යාත කිතුණුවන් අද නිවෙස්වල සිටම මහසිකුරාදා දිනය සැමරීම විශේෂත්වයක්.

ලොව ප්‍රධාන පෙළේ නගර රැසක් මේ වන විට ගෝලීය වසංගතය හේතුවෙන් වසා දමා ඇති අතර, ජර්මනියේ බර්ලින් නුවර දේවස්ථානයක් සජීවි විකාශයක් මගින් බැතිමතුන් යාඥා මෙහෙයට එක් කර ගනු ලබනවා.

වතිකානුවේ සිට ශුද්ධෝත්තම පාප් වහන්සේ ගෝලීය කිතුනුවන් අමතනු ඇත්තේ ද සජීවි විකාශයක් මගින්.


මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1635 දක්වා ඉහලට
Monday, 01 June 2020 - 17:52

තවත් කොරෝනා අසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන්... Read More

රටේම අවදානය යොමුවූ ඇමති තොණ්ඩමන්ගේ හදිසියේ අභාවප්‍රාප්ත වූයේ කෙසේ ද ?
Monday, 01 June 2020 - 17:50

රටේම අවදානය යොමුවූ ඇමති තොණ්ඩමන්ගේ හදිසියේ අභාවප්‍රාප්ත... Read More

මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සලකා බැලීම අවසන් - විභාගයට ගන්නවාද නැද්ද, තීරණය හෙට පස්වරුවේ
Monday, 01 June 2020 - 17:21

ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින්... Read More