කොරෝනාවට බියෙන් අනුරාධපුර රෝහලෙන් පළා ගිය තරුණයෙකු අත්අඩංගුවට

Friday, 10 April 2020 - 9:15

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කොරෝනා වෛරසය ශරීරගත වී ඇත්දැයි ඇති වූ සැකයක් මත වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම නිසා බියට පත්වී අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් පලා ගිය 19 හැවිරිදි තරුණයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගැටුමකදී පහරකෑමට ලක්ව ප්‍රතිකාර සඳහා මොහු පසුගිය දා රෝහල් ගත කර ඇති අතර ඊයේ රාත්‍රියේ මෙලෙස පළා යමින් සිටියදී ඔහු ඔයාමඩුව මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

තන්තිරිමලේ - කිඹුලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම තරුණයා පුත්තලමේ සිට පැමිණ ඇති බව රෝහල් ගත කිරීමෙන් පසුව අනාවරණ වී ඇති අතර, ඒ අනුව ඔහු කොරෝනා වෛරසය ශරීර ගත වී ඇත්දැයි තහවුරු කර ගැනීමේ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබෙනවා.

එහෙත් ඔහුට කොරෝනා ආසාදනය වී නොමැති බව අදාළ පරීක්ෂණයේදී තහවුරු වී ඇති අතර, අත්අඩංගුවට ගත් තරුණයා අනුරාධපුර රෝහල වෙත භාර දුන් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.


මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සලකා බැලීම අවසන් - විභාගයට ගැනීමේ තීරණය හෙට පස්වරුවේ
Monday, 01 June 2020 - 17:21

ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින්... Read More

තවත් කොරෝනා ආසාදිතයෙක් - මුළු සංඛ්‍යාව 1634ක් දක්වා ඉහළට
Monday, 01 June 2020 - 17:09

අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත... Read More

ඩෙංගු මඩින්න ජනපතිගෙන් සහ අගමැතිගෙන් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස්
Monday, 01 June 2020 - 16:58

පවතින වර්ෂාව සහිත කාලගුණය පහව යාමෙන් අනතුරුව සිදුවිය හැකි... Read More