තෙල් නිෂ්පාදන කප්පාදුවකට ඔපෙක් සංවිධානය හා රුසියාව එකඟ වෙයි

Friday, 10 April 2020 - 9:52

%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%94%E0%B6%B4%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%84%E0%B7%8F+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් සීග්‍රයෙන් පහත වැටුණු ලෝක වෙළඳපොළේ තෙල් මිල ප්‍රකෘතිමත් කරලීම සඳහා නිෂ්පාදන කප්පාදුවකට ඔපෙක් සංවිධානය සහ රුසියාව එකඟත්වය පළ කර තිබෙනවා.

තෙල් මිල සම්බන්ධයෙන් සෞදි අරාබිය සහ රුසියාව අතර මත ගැටුමක් පැවති අතර ඔවුන් සාකච්ඡා මේසයට ගෙන ඒම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු කළා.

ඔහු කියා සිටියේ තමා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ සෞදි අරාබියේ සල්මාන් රජු සමඟ ඒ පිළිබද සාකච්ඡා කළ බවයි.

රුසියාව සහ ඔපෙක් සංවිධානය දැන් එකඟ වී ඇත්තේ දිනකට තෙල් බැරල් මිලියන 10ක් එනම්, ගෝලීය සැපයුමෙන් සියයට 10ක් කපා හැරීමටයි.

එමෙන්ම, අනෙකුත් තෙල් නිෂ්පාදන රටවලින් සියයට 5ක නිෂ්පාදන කප්පාදුවක් අපේක්ෂා කෙරෙනවා. කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් ලෝක වෙළදපොළේ තෙල් සඳහා පවතින ඉල්ලුම සියයට 30කින් පමණ පහත වැටුණු අතර, තෙල් බැරලයක මිල දැන් සටහන් වන්නේ ඩොලර් 32ක් එනම් පසුගිය වසර අවසානයේ පැවති මිලෙන් අඩක් ලෙසයි.


ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More