බ්‍රිතාන්‍යයේ කොරෝනා පාලන සීමාවන් අඛණ්ඩව

Friday, 10 April 2020 - 12:07

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80
කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ පනවා ඇති සීමාවන් තවදුරටත් දීර්ඝ කරන බව එරට රජය නිවේදනය කර තිබෙනවා. අගමැති බොරිස් ජොන්සන් වෙනුවෙන් ඒ බව ප්‍රකාශයට පත් කළේ විදේශ ලේකම් ඩොමිනික් රාබ් විසින්.

කොරෝනා වෛරසය ආසාදනය වූ අගමැති බොරිස් ජොන්සන් ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලේ දැඩි සත්කාර ඒකකයෙන් ඊයේ දිනයේ දී සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කරනු ලැබුව ද ඔහු තවදුරටත් එහි රැදී සිටිනු ඇති.

මේ අතර, ඇමරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ කොරෝනා මරණ සංඛ්‍යාවට ඊයේ දිනයේදී තවත් 799ක් එක්වූ අතර, එය තුන් වන දිනටත් වාර්තාගත මරණ සංඛ්‍යාවක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව මේ වන විට 16,700කට ආසන්න වී ඇති අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව හාර ලක්ෂ 68,887ක්.

ඒ අතුරෙන් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ ද නිව්යෝක් ප්‍රාන්තයෙන්. එහි නගරාධිපති ඇන්ඩෲ කුවෝමෝ සඳහන් කළේ තත්ත්වය පාලනය කිරීමට නිව්යෝක්වාසීන් තවදුරටත් නිවෙස්වලම රැදී සිටිය යුතු බවයි.

එමෙන්ම, ඇමරිකාවේ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්ම විය හැකි බවට කලින් ප්‍රකාශ වුවද දැන් එය 60,000 උපරිමයකට සීමා කළ හැකි වනු ඇති බවයි වෛද්‍ය අංශ විශ්ලේෂකයන් පෙන්වා දී ඇත්තේ.


ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More