දැරියක් අපයෝජනයේ සැකකාර තණමල්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ පොහොට්ටු සාමාජිකත්වය අහෝසි කරයි

Friday, 10 April 2020 - 16:54

%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AD%E0%B6%AB%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%9D%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සෙවණගල - කිරිඉබ්බන්ආර ප්‍රදේශයේදී 13 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තණමල්විල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එහි ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඔහුට විනය පරීක්ෂණයක් සිදුකර පක්ෂයෙන් නෙරපීමට ද කටයුතු කරන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරයා ඇතුළු 5 දෙනෙකු මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

ඒ, ඊයේ ඇඹිලිපිටිය මහේ්ස්ත්‍රාත්වරිය හමුවට ඔවුන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මව සහ පියා වෙන්ව ජීවත්ව ඇති අතර, දැරිය මවගේ රැකවරණය යටතේ පසුවූ බවයි වාර්තා වන්නේ.

පසුගිය දිනක සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු 5 දෙනෙකු විසින් දැරිය අපයෝජනයට ලක් කර තිබුණා.



සංචාරක සහ වන්දනා ගමන් සඳහා ලියාපදිංචි වී තිබෙන බස් රථ ගැන ප්‍රවාහන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
Thursday, 04 June 2020 - 14:39

පාසල් සිසුන් ප්‍රවාහනය කරන, සංචාරක සහ වන්දනා ගමන් සඳහා ලියාපදිංචි... Read More

පාසල් ආරම්භ කරන දිනයේම පිරිවෙන් ආරම්භ කිරීමේ තීරණයක්
Thursday, 04 June 2020 - 14:35

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු පිරිවෙන්, සෞඛ්‍ය... Read More

කොරෝනා නිසා විදේශීය යුවළක් ශ්‍රී ලංකාවේදී සැමරූ අමතක නොවන උපන්දිනය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 14:01

ආගන්තුක සත්කාර දන්නා, කරුණාවන්ත හදවත් ඇත්තන් සිටින රටක් ලෙස... Read More