පස්වරු 4.30න් අවසන් වූ පැය 24 තුල කිසිදු කොරෝනා වෛරස් ආසාදිතයෙකු හමුවී නැහැ

Friday, 10 April 2020 - 17:21

%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94+4.30%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24+%E0%B6%AD%E0%B7%94%E0%B6%BD+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%93+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
අද පස්වරු 4.30 දක්වා ගතවූ පැය 24ක කාලය තුල කොරෝනා වෛරස් ආසාදිත කිසිවෙකු ශ්‍රී ලංකාවෙන් වාර්තාවී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

මේ දක්වා ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 190ක්.

පුද්ගල මරණ 7ක් ද වාර්තාවී ඇති අතර වෛරස ආසාදනයෙන් පසු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 50ක්.

එමෙන්ම 133 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියාසිටියේ සාම්පල් ලබා ගැනීමේදී රෝහල්වල රෝගීන්ට අමතරව සමාජයේ නියැදි සාම්පල් ලබා ගැනීම ද සිදු කෙරෙන බවයි.

එමගින් දිනකට පරීක්ෂා කරනු ලබන සාම්පල් ප්‍රමාණය වැඩි කර ඇතැයි ද ඔහු සඳහන් කළා.


කොරෝනා නිසා විදේශීය යුවළක් ශ්‍රී ලංකාවේදී සැමරූ අමතක නොවන උපන්දිනය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 14:01

ආගන්තුක සත්කාර දන්නා, කරුණාවන්ත හදවත් ඇත්තන් සිටින රටක් ලෙස... Read More

සෞඛ්‍ය උපදෙස්වලට ගරු කර නිවසටම වී පොසොන් ආගමික වතාවත්වල නියැලෙන්නැයි මහා සංඝරත්නය ඉල්ලයි (වීඩියෝ)
Thursday, 04 June 2020 - 13:54

සෞඛ්‍ය අංශ සහ රජය විසින් ලබාදී ඇති උපදෙස්වලට ගරු කරමින් නිවසටම... Read More

අවිධිමත් සංවර්ධන ව්‍යාපෘතියක් නිසා අපහසුතාවට පත් වූ ප්‍රදේශවාසීන් පිරිසක් (වීඩියෝ)
Thursday, 04 June 2020 - 13:46

අවිධිමත් සංවර්ධන ව්‍යාපෘතියක් හේතුවෙන් අපහසුතාවට පත් වූ... Read More