අනුරාධපුරේ සිට මාතර ආපු හිමිනම ඇතුළු පිරිස නිවසේම නිරෝධායනයට (වීඩියෝ)

Friday, 10 April 2020 - 17:25

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+%E0%B6%86%E0%B6%B4%E0%B7%94+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B6%B8+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%9A%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අනුරාධපුර ප්‍රදේශයේ සිට ඊයේ රාත්‍රියේ මාතර අකුරැස්ස හොරගොඩ ප්‍රදේශයට පැමිණි භික්ෂූන් වහන්සේ නමක් සමඟ එම නිවැසියන් නිරෝධායනයට ලක්කිරීමට ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන් විසින් මෙම පිරිස පිළිබඳව පොලිසියට කළ දැනුම්දීමකට අනුවයි මාලිබඩ පොලිසිය සහ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමඟ එක්ව මෙම පියවර ගෙන ඇත්තේ.

අදාළ හිමිනම සමඟ අනුරාධපුර ප්‍රදේශයේ සිට මාතර අකුරැස්ස හොරගොඩ ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත උත්සවයකට සහභාගීවීම සඳහා මෙලෙස පැමිණ ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

එහිදී මෙම පිරිස ඇඳිරි නීතිය පැවති අවස්ථාවේ කිසිදු බලපත්‍රයක් නොමැතිව මෙලෙස පැමිණ ඇති බවටයි වැඩිදුර තොරතුරු අනාවරණ වන්නේ.

ඒ අනුව හිමිනම සමඟ පැමිණි සිව්දෙනෙකු සහ ඔවුන් පැමිණි නිවසේ පදිංචි තිදෙනෙකු මෙලෙස එම නිවස තුලම දින 14 ක් නිරෝධායනය කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

මේ අතර එහිදී අදාළ හිමිනම ඇතුළු පිරිස අනුරාධපුරයේ සිට පැමිණි මෝටර් රථය සහ නිවසේ තිබූ ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගැනීමට පියවර ගත්තා.

මාලිම්බඩ පොලිසිය අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.






කොවිඩ් 19 වෛරසයට එරෙහි චීන එන්නත බ්‍රිතාන්‍යයේදීත් අත්හදාබැලීමේ සූදානමක්
Sunday, 31 May 2020 - 11:06

කොවිඩ් 19 වෛරසයට එරෙහිව තමන් නිපදවූ එන්නත සාර්ථක වීමේ සියයට... Read More

පොරවකින් පහර දී පියා ඝාතනය කළ පුතා සොයා පොලිස් මෙහෙයුම් (වීඩියෝ)
Sunday, 31 May 2020 - 11:03

පොරවකින් පහරදී තම පියා ඝාතනය කර පළාගොස් ඇති පුත්‍රයෙකු සොයා... Read More

මරණ තර්ජන සිද්ධියකට පොලිස් සැරයන්වරයෙකු ඇතුලූ සිව්දෙනෙකු අත්අඩංගුවට
Sunday, 31 May 2020 - 11:02

පුද්ගලයෙකුට මරණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හම්බන්තොට... Read More