වී මෝල් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කෙරේ - සහල් වලටත් උපරිම සිල්ලර මිලක්

Friday, 10 April 2020 - 17:31

%E0%B7%80%E0%B7%93+%E0%B6%B8%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+-+%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BB+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
සහල් සඳහා අද සිට උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බව පාරිභෝගික අධිකාරිය කියා සිටියා.

ඒ අනුව, කීරි සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 125 කට ද, සුදු හෝ රතු සම්බා මෙන්ම කැකුළු සම්බා සහල් කිලෝවක් රුපියල් 90කට ද අලෙවි කල යුතුයි.

නාඩු කිලෝවක් සඳහා නියම කර ඇති උපරිම සිල්ලර මිල රුපියල් 90ක්.

කැකුළු සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 85ක් ලෙස දැක්වෙනවා.

මෙම මිල ගණන්වලට වඩා වැඩියෙන් වෙළඳාම් කිරීම වෙළඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම මෙන්ම වෙළඳාම සඳහා ප්‍රදර්ශණය කිරීම නොකළ යුතු බවයි පාරිභෝගික සේවා අධිකාරිය අවධාරණය කළේ.

මෙම නියෝග අද සිට බලපැවැත්වෙන බව ද ඔවුන් සඳහන් කළා.

මේ අතර, සියළුම වී මෝල් හිමියන්ගේ සේවාවන් නැවත දැනුම් දෙන තුරු කොරෝනා නිරෝධායන අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස නම් කර තිබෙනවා.

අත්‍යාවශ්‍ය ආහාර සැපයීම, සහල් නිෂ්පාදනය, ගබඩා කිරීම හා බෙදා හැරීම මෙන්ම ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට අත්‍යාවශ්‍ය බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මේ අනුව දිවයිනේ සියළුම සහල් මෝල් හිමියන් තමන් සතු වී තොග තම ප්‍රදේශය තුළ දී සහල් බවට පත් කළ යුතු වනවා.

සුළු සහල් මෝල් හිමියන් තම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තුළ ද, මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් දිස්ත්‍රික් බල ප්‍රදේශවල සහ මහා පරිමාණ සහල් මෝල් හිමියන් දිවයින පුරා සහල් තොග බෙදා හැරීමට ක්‍රියා කළ යුතු බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

අධික ලෙස සහල් මිල ඉහළ නැංවීම හෝ සැපයුම් අඩාල කිරීම, නිරෝධායන කටයුතු වලට දැඩි අවදානමක් ඇති කරන බව ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කළා.

එමෙන්ම, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් වසා දැමීමත් ගොවීන්ට තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි වීම සැලකිල්ලට ගෙන හෙට සිට රජය විසින් එම නිෂ්පාදන මිලදී ගැනීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කළා.



සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් - සිල්ලර ව්‍යාපාරික සංගමයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:49

මෙරට සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් බවත්... Read More

මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලනඥයින්ගෙන් විවිධ අදහස් (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:42

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගේ... Read More

විදේශයන්හි සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීම තාවකාලිකව නවතී, දෝහා ගුවන් යානයත් අවලංගුයි (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:16

කටාර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 1051 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය... Read More