පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල 20,000ක් රැගත් චීන ගුවන් යානය දිවයිනට - (ඡායාරූප)

Friday, 10 April 2020 - 18:59

%E0%B6%B4%E0%B7%93.%E0%B7%83%E0%B7%93.%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%BD+20%2C000%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කොරෝනා පරීක්ෂණ කට්ටල 20,064ක් රැගත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය චීනයේ සිට දිවයිනට පැමිණ තිබෙනවා.

එමගින් රැගෙන එන පී.සී.ආර්. හෙවත් කොරෝනා වෛරස් ආසාදනය සහතික කළ හැකි පරීක්ෂණ කට්ටල තොගයේ වටිනාකම ඇමරිකානු ඩොලර් එක්ලක්ෂ 30,000ක් පමණ වන බව සඳහන්.

චීන ප්‍රකෝටිපති අලිබාබා ව්‍යාපාර ජාලයේ නිර්මාතෘ ජැක් - මා විසින් මෙම පරීක්ෂණ කට්ටල තොගය පරිත්‍යාග කර තිබෙනවා.

එමෙන්ම, ඉදිරි සතියේ තවත් පරීක්ෂණ කට්ටල 20,000ක් දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.                     

මේ අතර, යූ.එස්.ඒඩ් හෙවත් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය මගින් මෙරට කොවිඩ් නයින්ටීන් වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1.3ක මුදලක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 26කට ආසන්නයි.   

මේ අතර, මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය වන සේරා හල්ටන් බ්‍රිතාන්‍ය සංචාරකයන්ට සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා.

ඇය සඳහන් කරන්නේ සිය රජයේ උපදෙස් අනුව, නැවත ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය සංචාරකයන් බ්‍රිතාන්‍ය බලා යාමට කටයුතු කළ යුතු බවයි.



ඉන්දියාවේ සරණාගත කදවුරක සිට පියෙකුට සහ දියණියකට මෙරටට පැමිණීමට සහය දුන් 6ක් අත්අඩංගුවට
Sunday, 07 June 2020 - 15:47

කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් ඉන්දියාවේ සරණාගත කදවුරක සිට... Read More

ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්
Sunday, 07 June 2020 - 15:16

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අතුරුගිරිය ඇතුළු... Read More

පෙරහුරු ඡන්දය සාර්ථකව අවසන් (වීඩියෝ)
Sunday, 07 June 2020 - 15:07

අම්බලන්ගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථානයේ පැවති ආදර්ශ මැතිවරණය... Read More