ලොව පුරා කොරෝනා වෛරස් මරණ ලක්ෂය ඉක්මවයි

Friday, 10 April 2020 - 21:45

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය පුද්ගලයින් ගණන ලක්ෂය ඉක්මවා ගියා.

ලොව රටවල් රැසකින් වාර්තාවන ආසාදිතයින් ගණන දාසයලක්ෂ පනස්දහසකට ආසන්නයි.

මේවන විට වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 100090ක්.

වෛරසය ආසාදනය වුවන් 1638216ක් ලෙසටයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

වෛරසය ආසාදනයෙන් පසු සුවය ලැබූ සංඛ්‍යාව 369017ක්.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ කොරෝනා වෛරසය ආසාදනය වූ 49302ක් බරපතල තත්වයෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි.

මේ අතර 1930 වසරෙන් පසුව මුහුණ දෙන දරුණුතම ආර්ථික අවපාතයට ලොව පුරා  රටවලට මේ වසරේ මුහුණදීමට සිදුවනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අගවනවාග

කොවිඩ් 19 වෛරසයෙන් මේ වන විට දැඩි බලපෑමකට ලක්ව තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි.

ගත වූ පැය 24 තුළ එරටින් නව පුද්ගල මරණ 1900ක් වාර්තාවීමත් සමඟ සමස්ත පුද්ගල මරණ ගණන 16691 ක් දක්වා ඉහළ ගියා.

මේ වන විට ඇමරිකාවේ සමස්ත ආසාදිතයින් ගණන 468,566 ක් දක්වා ඉහළ ගොස් තිබෙන්නේ ඇමරිකානුවන් තුළ දැඩි අවිනිශ්චිතභාවයක් ඇති කරමින්.

වෛරසයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති එරට නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් පමණක් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 7521 දෙනෙකු වාර්තා වූ අතර මරණ 518 ක්ද සිදුව තිබෙනවා.

එරට චිකාගෝහි කුක් කවුන්ටි බන්ධනාගාරයේ රැඳවියන් 276 දෙනෙකුද කොවිඩ් 19 වෛරසය ගොදුරු වී ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඇමරිකව වෛරස බලපෑමේ උපරිමයට ළඟා වී ඇති බවයි.

ගත වූ පැය 24 තුළ යුරෝපා කලාපයේ වැඩිම පුද්ගල මරණ ගණනක් ප්‍රංශයෙන් වාර්තා වූයේ 1341 ක් ලෙසින්.

ඒ අනුව එරට තුළ සිදුව ඇති සමස්ත පුද්ගල මරණ ගණන 12210ක් දක්වා ඉහළ ගිය අතර වාර්තාවන ආසාදිතයින් ගණන 117,000 අබිබවනවා.

යුරෝපා කලාපයේ වෛරසයේ නූතන කේන්ද්‍රස්ථානයට බවට පත්ව ඇති ස්පාඤ්ඤයෙන් ගත වූ පැය 24 තුළ නව මරණ 655ක් වාර්තා වුණා.

මේ වන විට එරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 153,222 ක්.

මීට පෙර කලාපයේ වෛරසය ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබූ ඉතාලියෙන් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ ගණන 18279ක් දක්වා ඉහළ ගියේ නව පුද්ගල මරණ 610 ක් වාර්තාවීමත් සමඟයි.

මේ අතර බ්‍රිතාන්‍යයේ ශාන්ත තෝමස් රෝහලේ දැඩි සත්කර ඒකකයේ දින 2 ක් ප්‍රතිකාර ලබමින් සිටි එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් තිබෙන නිසා ඔහු වෙනත් වාට්ටුවකට මාරු කර යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ වන විට බ්‍රිතාන්‍යයෙන් වාර්තාවන ආසාදිතයින් ගණන 65077ක් වන අතර සිදුව ඇති මරණ ගණන 7000 කට අධිකයි.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් වෛරසයෙන් දැඩි බලපෑම් එල්ලව ඇති යුරෝපා කලපයේ රාජයන් වෙත යුරෝ බිලියන 500ක හදිසි සහන මූල්‍ය පැකේජයක් හඳුන්වාදීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබෙනවා.

මැදපෙරදිග කලාපයේ වෛරස කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති ඉරාණයෙන් වාර්තාවන ආසදිතයින් ගණණ 66,220 ක් වන අතර සිදුව ඇති මරණ ගණන 4110 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ශීඝ්‍රයෙන් පහළ වැටුණු ලෝක වෙළඳ පොළේ තෙල්මිල ප්‍රකෘතිමත් කරවීම සඳහා නිෂ්පාදන කප්පාදුවකට ඔපෙක් සංවිධානය සහ රුසියාව එකඟත්වය පළ කර තිබෙනවා.

ඒ අනුව ගෝලීය සැපයුමෙන් සියයට 10 ක් මෙමගින් කපා හැරෙනු ඇති.

මේ වන විට ලෝක වෙළඳපොළේ තෙල් සඳහා පවතින මිල සියයට 30 කින් පමණ පහත වැටී ඇති අතර තෙල් බැරලයක මිල සටහන්වන්නේ ඩොලර් 32ක් එනම් පසුගිය වසර අවසානයේ පැවති මිලෙන් අඩක් ලෙසයි.

මේ අතර ඉක්වදෝරයේ බන්ධනාගාරයන් හි රැදී සිටින රැඳවියන් මිනී පෙට්ටි නිෂ්පාදනය සඳහා අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇත්තේ එරටින් වාර්තාවන කොවිඩ් මරණයන්හි ඉහළ යාම හේතුවෙන්.

අසල්වැසි ඉන්දියාවේ කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් ගණන 6475ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තාවන මරණ ගණන 227ක් දක්වා ඉහළ ගියේ ඊයේ දිනයේදී නව මරණ 49 ක් වාර්තාවීමත් සමඟයි.

ඉන්දීය පොලීසීය වසා දමා ඇති නගර නිරීක්ෂනයට ඩ්‍රෝන යානා භාවිතයට ගෙන තිබෙනවා.

මේ වන විට මුලුමනින්ම වසා දමා ඇති ඉන්දියාව යළි විවෘත කිරීමේ තීරණය දැනුම් දීම සදහා අග්‍රාමාත්‍යය නරේන්ද්‍ර මෝදි ජාතිය ආමන්ත්‍රනය කිරීමට නියමිතයි.

මේ අතර වූහාන් ඇතුළු ප්‍රාදේශිය නගර කිහිපයක් මේ වන විට සත්ත්ව මාංශ අලෙවිය නැවතත් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කලා.

කෙසේ වෙතත් බීජිං නගරයේ සත්ව මාංශ අලෙවිය තාවකාලිකව අත්හිටුවීමට බීජිං පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

චීනයට පසුව වෛරසයේ කේන්ද්‍රස්තානය බවට පත්ව තිබූ දකුණු කොරියාවේ ඩේගු නුවරඉන්  ඊයේ කිසිදු කොවිඩ් 19 වයිරසය ආසාදිතයෙකු හෝ මරණයක් වාර්තා වූයේ නැහැ.

බැංකොක් හි රෝහල් විශේෂිත මුහුණු ආවරණයක් හඳුන්වා දී ඇත්තේ කුඩා බිළිඳන් වෛරසයෙන් ආරක්ෂා කරගැනීම සඳහායි.

මේ අතර 1930 වසරෙන් පසුව මුහුණදීමට සිදුව ඇති දරුණුතම ආර්ථික අවපාතයට ලොව රටවලට මේ වන විට මුහුණ දීමට සිදුව ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.



මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1635 දක්වා ඉහලට
Monday, 01 June 2020 - 17:52

තවත් කොරෝනා අසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන්... Read More

පියාගේ අභාවයෙන් පසු මුල්වරට හිරුට කතාකළ ජීවින් තොන්ඩමන්
Monday, 01 June 2020 - 17:50

ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව බෙහෙවින් ආදරය කළ දේශපාලඥයෙක් වූ ආරුමුගන්... Read More

මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සලකා බැලීම අවසන් - විභාගයට ගන්නවාද නැද්ද, තීරණය හෙට පස්වරුවේ
Monday, 01 June 2020 - 17:21

ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින්... Read More