කැනඩා පාර්ලිමේන්තුව අන්තර්ජාලය ඔස්සේ රැස්වේ

Sunday, 17 May 2020 - 9:52

%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් කැනඩා පාර්ලිමේන්තුව අන්තර්ජාල සන්නිවේදන ජාලයක් ඔස්සේ රැස් කිරීමට ඊයේ පියවර ගැනුනා.

අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ කථානායක ඇන්තනි රෝටා පමණක් පාර්ලිමේන්තුවේ රැඳී සිටි අතර, මන්ත්‍රීවරුන් 338 දෙනා අන්තර්ජාලය ඔස්සේ ඊට සම්බන්ධ වී තිබෙනවා.

කෙසේ නමුත් පාර්ලිමේන්තුව ප්‍රථම වරට මෙලෙස අන්තර්ජාලය ඔස්සේ  සම්බන්ධ වීමත් සමඟ තාක්ෂණික ගැටළු විටින් විට පැන නැගුණු අතර, ඒවා නිවැරදි කිරීම සඳහා උපදෙස් ලබාදීමටද සිදුවූ බව සඳහන්.

ඇතැම් විට මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වල පසුබිම් කථාබහද පාර්ලිමේන්තුවේදී ශ්‍රවණය කිරීමට සිදුවීම විශේෂත්වයක්.

කැනඩාවේ සමස්ත පාර්ලිමේන්තුවම මෙලෙස ප්‍රථම වරට අන්තර්ජාලය ඔස්සේ රැස්වුවද පසුගිය මාසයක කාලයක් පුරා මන්ත්‍රීවරුන් 338 දෙනා සූම් මෘදුකාංගය ඔස්සේ අමාත්‍යවරුන් වෙත ප්‍රශ්න යොමුකරනු ලැබුවා.


ෂැංහයි සහයෝගීතා සමුළුව සහ බ්‍රික්ස් සමුළුවත් කල් යයි (වීඩියෝ)
Thursday, 28 May 2020 - 14:11

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලබන ජූලි මාසයේ රුසියාවේ සෙන්පීටර්ස්බර්ග්... Read More

කාන්තාර පළගැටි උවදුරෙන් ඉන්දියාවට තවදුරටත් බලපෑම්
Thursday, 28 May 2020 - 10:49

කාන්තාර පළගැටි උවදුර හේතුවෙන් තවදුරටත් ඉන්දියාවේ ප්‍රාන්ත... Read More

රුසියාව අභිබවා වැඩිම කොරෝනා ආසාදිතයන් බ්‍රසීලයෙන්
Thursday, 28 May 2020 - 8:05

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් දෙවන තැනට වාර්තාවන... Read More