වන්කඩේ ක්‍රීඩාංගණය නිරෝධායන මධ්‍යස්ථානයකට

Sunday, 17 May 2020 - 12:01

%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B6%A9%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7
ඉන්දියාවේ මුම්බායි ක්‍රිකට් සම්මේලනයට අයත් වන්කඩේ ක්‍රීඩාංගණය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදාගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ, මුම්බායි නාගරික කොමසාරිස්වරයා විසින් නිකුත් කළ නියෝගයකට අනුවයි.

කොවිඩ් 19 රෝගීන් ඇසුරු කළ සහ රෝග ලක්ෂන නොපෙන්වන පුද්ගලයන් නිරෝධායනය කිරීම සඳහා වන්කඩේ ක්‍රීඩාංගණ සංකීර්ණය යොදාගැනීමට අදහස් කරන බවයි එමඟින් දැනුම්දී ඇත්තේ.

ඒ සඳහා කටයුතු කිරීමට අපොහොසත් වුවහොත් ඉන්දීය අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයට අනුකූලව නීතිමය පියවර ගන්නා බවටද දන්වා ඇති බව සඳහන්.

මුම්බායි ඇතුළත් ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයෙන් මේ වනවිට කොරෝනා වෛරස් ආසාදිතයන් 30,000 කට අධික සංඛ්‍යාවක් වාර්තාවන අතර, මුම්බායි නගරයෙන් පමණක් ආසාදිතයන් 18,500ක් පමණ වාර්තාවනවා.

වන්කඩේ ක්‍රීඩාංගණය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදාගැනීමට තීරණය කර ඇත්තේ එහි පොදු ගොඩනැගිලි රැසක් ඒ සඳහා යොදාගැනීමෙන් අනතුරුවයි.

බෙංගාල ක්‍රිකට් සම්මේලනයේ පාලනය යටතේ පවතින ඊඩ්න් ගාඩ්න්  ක්‍රීඩාංගණ සංකීර්ණය ද බටහිර බෙංගාල රජය විසින් මේ වනවිට කොවිඩ් 19 නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදාගනු ලබනවා.