ඊශ්‍රායලයේ චීන තානාපතිවරයා අභිරහස් ලෙස මිය යයි

Sunday, 17 May 2020 - 14:12

%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඊශ්‍රායලයේ චීන තානාපති ඩු - වෙයි, ටෙල් - අවිව් නුවර තදාසන්නයේ පිහිටි සිය නිවහනේ අභිරහස් ලෙස මිය ගොස් සිටියදී ඔහුගේ සිරුර අද උදෑසන සොයාගෙන තිබෙනවා.

58 හැවිරිදි චීන තානාපතිවරයාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඒ පිළිබදව පොලිස් පරීක්ෂණයක් ආරම්භ වී ඇති බවයි ඊශ්‍රායලය ප්‍රකාශ කළේ.

පසුගිය පෙබරවාරියේදී ඩු - වෙයි, ඊශ්‍රායලයේ චීන තානාපතිවරයා ලෙස පත්ව ආ අතර, කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා ඔහු වැඩ භාර ගත්තේ දින 14ක නිරෝධායන කාලයකින් අනතුරුවයි.

ඊට පෙර ඔහු යුක්රේනයේ චීන තානාපතිවරයා ලෙස කටයුතු කළා.

මිය යාමට දින කිහිපයකට පෙර ඔහු කොරෝනා වෛසරයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් චීනයට එල්ල වන චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ අතර, චීනය සහ ඊශ්‍රායලය අතර ශක්තිමත් සබඳතා ගොඩනැගීම පිළිබඳව බලාපොරොත්තු පළ කළා.