ඇමරිකාවෙන් පී.සී.ආර්. පරීක්ෂණ මිලියන 13 ක්

Wednesday, 20 May 2020 - 7:35

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93.%E0%B7%83%E0%B7%93.%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+13+%E0%B6%9A%E0%B7%8A
ඇමරිකා එක්සත් ජනපදය තුළ කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.

සිය රට සිදුකරන පරීක්ෂණවල ගුණාත්මක භාවය ඉහළ මට්ටමක පවතින බැවින් රෝගීන් වාර්තාවීමද ඉහළ ගොස් ඇති බවයි ඔහු කියා සිටියේ.   

මේ වනවිට එරට පී.සී.ආර්. පරීක්ෂණ මිලියන 13 කට අධික සංඛ්‍යාවක් සිදුකර තිබෙනවා. එමෙන්ම මෙම පරීක්ෂණ නොකඩවා තවදුරටත් සිදුකරන බවයි ඔහු  කියා සිටියේ.

එමෙන්ම පෙර දිනයට සාපේක්ෂව ඇමරිකාවේ නව මරණ සංඛ්‍යාවේ ඉහළ යෑමක් දක්නට ලැබෙන අතර, එය දැක්වුණේ 1,552 ක් ලෙසයි.

ඒ අනුව ඇමරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 93,533 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, නව ආසාදිතයන් 20,289 ක් සමඟ එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුනේ 15 ලක්ෂ 70,583 ක් ලෙසයි.  

එමෙන්ම බ්‍රසීලයේ නව මරණ 1,130 ක් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 17,983 ක් ලෙස දැක්වුණා.

එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දෙලක්ෂ 71,885 ක් ලෙසයි වාර්තාවන්නේ.


ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More

ඇමරිකාවේ නගර රැසකට ඇඳිරි නීතිය
Sunday, 31 May 2020 - 10:20

නිරායුධ කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින්... Read More