ඇමරිකාව අර්ධ වශයෙන් විවෘත කෙරේ - ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් ගමන් 25 සිට

Thursday, 21 May 2020 - 13:16

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+25+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
දැනට වසා දමා ඇති ඇමරිකාවේ ප්‍රාන්ත 50ක් අර්ධ වශයෙන් විවෘත කිරීමට සැළසුම් කර තිබෙනවා.

රෝගීන් වැඩි වශයෙන් වාර්තාවූ නිව්යෝක්, නිව්ජර්සි සහ වොෂින්ටන් වැනි ප්‍රාන්තවල මේ වනවිට රෝගීන් වාර්තාවීම අඩුවීම මෙම තීරණයට හේතුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වනවිට ඇමරිකාවේ කොරෝනා ආසාදිතයන් 15 ලක්ෂ 93,039 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 94,941 ක් ලෙසයි.

එමෙන්ම දිනකට අවම වශයෙන් හය වරක් හෝ 10 වරක් අත සේදීමෙන් කොරෝනා ඇතුලූ  වෛරස වැළඳීමේ අවදානම අඩුවන බව ඇමරිකාවේ පර්යේෂකයන් පිරිසක් සිදුකළ අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

කොරෝනා ඇතුලූ සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවන වෛරස් වර්ග සබන් සහ වතුර යොදා අත් සේදීමෙන් විනාශ කළ හැකි බවයි එහිදී අනාවරණ වී ඇත්තේ.

පුද්ගලයන් 1,663 දෙනෙකු මෙම පර්යේෂනය සඳහා එක් කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඇමරිකානු පර්යේෂකයින් සඳහන් කළේ අත් සේදීමෙන් පමණක් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැළකීමට නොහැකි බවයි.

මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් අත්හිටුවා තිබූ ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන 25 වනදා සිට සියලූ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමටයි එරට සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සැළසුම් කර ඇත්තේ.

පසුගිය මාර්තු 25 වනදා සිට ඉන්දියාවේ අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් ගමන් නවතා දමනු ලැබුවේ ලොව පුරා කොරෝනා ව්‍යාප්තිය සමඟයි.

මේ වනවිට ඉන්දියාවේ කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව එක්ලක්ෂ 12,442 ක් වන අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3,4038ක් ලෙසයි.

ජපානයේ ඔසාකා, කියෝටෝ සහ හියුගෝ ප්‍රාන්තවලට පනවා තිබූ හදිසි තත්ත්වය ද ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

කොවිඞ් 19 ආසාදිතයින් අඩුවීමත් සමග ජපාන රජය මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

මේ වනවිට ජපානයේ කොවිඞ් 19 ආසාදිතයින් 16385 ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 771 ක් ලෙසයි.

ලොව රටවල් 215 ක් පුරා පුද්ගලයින් පනස් ලක්ෂ 90,064 ක්  කොරෝනා ආසාදිතයන් බවට පත්ව ඇති අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ තුන්ලක්ෂ 29,732 ක් ලෙසයි.


කළු ජාතිකයාගේ මරණයත් සමග ඇමරිකාවේ ඇතිවූ ගැටුම් වාර්තා කල CNN මාධ්‍ය කණ්ඩායම අත්අඩංගුවට
Friday, 29 May 2020 - 17:35

සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගැනීමේදී... Read More

දකුණු කොරියාවේ පාසල් යළි වැසේ
Friday, 29 May 2020 - 15:36

නව කොරෝනා වෛරස් ආසාදිත පොකුරු වාර්තාවීමත් සමග දකුණු කොරියාව... Read More

ෂැංහයි සහයෝගීතා සමුළුව සහ බ්‍රික්ස් සමුළුවත් කල් යයි (වීඩියෝ)
Thursday, 28 May 2020 - 14:11

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලබන ජූලි මාසයේ රුසියාවේ සෙන්පීටර්ස්බර්ග්... Read More