24 ඉරිදා සහ 25 සඳුදා දිවයින පුරා ඇඳිරි නීතිය පනවයි - කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල යළි දැනුම්දෙනතුරු ඇඳිරි නීතිය (වීඩියෝ)

Friday, 22 May 2020 - 10:24

24+%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+25+%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B6%B1%E0%B7%80%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%80%E0%B6%BD+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
එළඹෙන ඉරිදා සහ 25 වන සඳුදා දිවයින පුරා ඇඳිරි නීතිය පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

එමෙන්ම, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඒ අනුව, කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට රාත්‍රී අටේ සිට බලාත්මක වන ඇදිරි නීතිය මැයි 26 අඟහරුවාදා උදෑසන 5ට ලිහිල් කෙරෙනවා.

මෙම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිනපතා රාත්‍රි අටේ සිට අලූයම පහ දක්වා නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ආරම්භ කළ වැඩපිලිවෙල හෙට දිනයේත් ක්‍රියාත්මක අතර, මැයි 26 වන අඟහරුවාදා සිට පෙර පරිදි ඉදිරියට ගෙන යන බවද එහි සඳහන්.

මේ අතර, ආර්ථික පුනර්ජීව හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය රැස්වූ අවස්ථාවේදී රජයට අයත් භාවිතයට නොගත් ඌණ උපයෝජිත ඉඩම් වගා කටයුතු සඳහා සහ සත්ත්ව පාලන කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා.

එමෙන්ම, අඩු ආදායම්ලාභී පවුල් දස ලක්ෂයකගේ පමණ ආදායම් ඉහළ නැංවීම ඉලක්ක කර ගත යුතු බව ද එම කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා.





ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 23:19

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558ක් දක්වා ඉහළ... Read More

අනුරාධපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම තවමත් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:30

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස... Read More

මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More