ආනයනික භාණ්ඩ කිහිපයක බදු සංශෝධනය කෙරේ

Friday, 22 May 2020 - 13:10

%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
අද සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික ආහාර ද්‍රව්‍ය රැසක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දේ සංශෝධනයක් ශ්‍රී ලංකා රේගුව මගින් ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව, රතුළුෑණු, අර්තාපල්, සුදුළුෑණු, පරිප්පු, හාල්මැස්සන්, ටින් මාළු යන භාණ්ඩවල මෙන්ම, දොඩම්, මිදි සහ ඇපල් යන ආනයනික පළතුරු වර්ග සඳහා පනවා ඇති බදු සංශෝධනය කෙරෙනවා.

ඒ අනුව, රුපියල් 625ක්ව පැවති යෝගට් කිලෝග්‍රෑම් 1ක බද්ද රුපියල් 800 දක්වා ද, රුපියල් 25 ට පැවති රතුළුෑණු කිලෝවක බද්ද රුපියල් 50ක් දක්වා ද සංශෝධනය කර ඇති අතර, ටින් මාළු සඳහා පනවා තිබූ රුපියල් 50ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කර ඇත්තේ රුපියල් 100ක් ලෙසයි.

දේශිය නිෂ්පාදන දිරිමත් කිරීමේ අරමුණින් රජය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න කියා සිටියේ.



මෙරට කොරෝනා  ආසාදිතයන් ගණන 1628ක් දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 17:39

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1628ක් දක්වා... Read More

ගෆූර් ගොඩනැගිල්ල අවට පරීක්ෂණවලින් කිසිදු ආසාදිතයෙකු හමුවී නැහැ
Sunday, 31 May 2020 - 17:11

කොළඹ ගෆූර් ගොඩනැගිල්ල සහ සර් බාරෝන් ජයතිලක මාවත අවට ප්‍රජාව... Read More

තොණ්ඩමන් අමාත්‍යවරයාගේ අවමංගල්‍ය උත්සවය ඇරඹේ
Sunday, 31 May 2020 - 17:06

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය පිළිබද අවසන්... Read More